Thursday, July 4, 2019


                                ආවට තිබුණත් නිසසල සඳ මත 


ආවාට තිබුණත් නිසසල සඳ මත 
එය හරි ප්‍රියංකරයි
මා කාට නැතිවත් ඔබට තිබූ පෙම
සඳ මෙන් අහිංසකයි එතරම් අහිංසක 

මංගල පෝරුව මතට එදා ඔබ 
දෙපා නැගූ ඒ සුබ මොහොතේ //
සිහිසුන් නොමැතිව වැටුණු අයුරු දැක 
 අනුකම්පාවකි මසිත වෙලා ගත්තේ

ආවාට තිබුනත් ......

සදාකාලයෙන් සදාකාලයට 
අපට උරුම නැත දුක් කඳුළු //
මැලවුණු මල් පෙති යලි ළි පුබුදන්නට 
අපේ ලොවට හෙට හිරු පායා එනවා 

ආවට තිබුණත් .......

ගායනය - නිමල් ගුණසේකරයන්
සංගීතය - නාමල්  ජුලිගේ
පද රචනය - නිමල් ගුණසේකර
                            
        ඇත්තටම මෙම ගීතය ඔබ කෙතරම් රසවිඳ ඇද්දරෑ බැලූ බැල්මටම මෙය සරල සාමාන්‍ය ගීතයක් බව ඔබට සිතෙන්නට ඇත. මෙහි කථා කිරීම්ට එතරම් දෙයක් නැති බව ඔබට හැඟෙන්නට ඇත එයට හේතුව නම් අප ගීතයක් රස විඳින විට ප්‍රධාන තැනක් දෙනු ලබන්නේ ශබ්ද රසයට මිස එහි පවතින අර්ථ රසයට නොවේ. නමුත් ඔබ ගීතයක පවතින අපූර්වත්වය හඳුනා හඳුනා ගැනීමට නම් අර්ථ රසය පිළිබඳ අවබෝධ කරගත යුතු වේ. එය පහසු නොවේයි නමුත් එතුළින්  යමෙකුට ඉතා අපූර්ව ලෙස ගීතයක් රස විඳිය හැකි වේ. 

      අද අපි ඔබ සමග කතා කරන්න යන්නේ "ආවාට තිබුනත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි" යන ගීතයයි. ඇත්තටම මෙම ගීතය පද රචනය නිමල් ජුලි‌ගේ විසින්ය ඔහු අපූර්ව ලෙස සමාජයේ පවතින්නාවු ගැටලු සහිත වු හිඩසක් මෙලෙසින් රසික හදවත් තුලට තිළිණ කරයි. ඔහු විසින් බෝධිසත්ව ස්වාමි පුරුෂයකුගේ අවංකභාවය හා තම ආදරවන්තියට දක්වනු ලබන ආදරය සෙනෙහස කොපමණද යන්න මනාව ඉස්මතු කර පෙන්වයි.

ආවාට තිබුනණත් නිසසල සඳ මත 
එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුව ඔබට පිදූ පෙම
සඳමෙන් අහිංසාකයි එතරම් අහිංසකයි


            සඳ අජීවී වස්තුවකි. අතීතයේ සිට වර්තමානය දක්වා ම බොහෝ කවි පද රචකයන් සඳට ජීවයක් ලබාදීමට උත්සාහ ගෙන ඇත. සදට තරම් කවි ගීත ලියවුණු වෙනත් අජීවී වස්තුවක් නැති තරම්ය. මෙම ගීතයේ කතා වස්තුව නැතිනම් ගීතයේ අත්දැකීම අන්තර් ගතව ඇත්තේ මෙම පදපෙළි  තුළය. ප්‍රේමවන්තයා විසින් තම ප්‍රේමවන්තියගේ කැඩී බිඳී විසිරී ගිය සිත යළි ගොඩ නැගිම නැතිනම් ඇය විසින් කළ වරද මකා දමමින්  ඇයට ශක්තියක් වන අයුරු රචකයා මෙලෙස විස්තර කර පෙන්වයි. 


                  ආවාට සහිත තිබුනත් සඳ  එය ඉතා ප්‍රියංකර බව පවසන්නේ සඳට උපමා කර ඇත්තේ තම ප්‍රේමවන්තියයි ආවාට සඳට සංකේතවත් කර ඇත්තේ ඇය එතෙක්  කන්‍යාවක් නොවන බව පැවසීමටයි. ඇය තමාගේ භාර්යාව වීම්ට පෙර සිටම ඇය පලුදු වු කාන්තාවක් බව කියාපානු ලබයි. ඔහු ඒය කලින්ම දැනගෙන ඇත. පසුව ඔහු විසින් මා කාට නැතිවත් ඔබට පිදූව පෙම සද මෙන් අහිංසක බව කියාපායි. එයින් ඔහු ඇයට කියන්නේ  ඔබ වගේම මමත් මිට පෙර ස්ත්‍රීන්ට ප්‍රේම කර තිබෙනු බව කියයි හැබැයි ඒ හැමෝටම වඩා ඔබට මම ආදරේ කළ බව පවසයි. ඇත්තටම ඔහු සතුව පවතින අවංකභාවයත්   ඇයගේ හිතට ශක්තියත් එකතු කරයි. ඔබ වගේම මමත් මීට පෙර වැරදි කර තිබූ බව ඔහුම කියයි එම නිසා ඈට එ ගැන වැඩිය හිතන්න කරුණක් නොවන බව ඔහු පසක් කරයි.

මංගල පෝරුව මතට එදා ඔබ 
දෙපා නැගූ ඒ සුබ මොහොතේ 
සිහිසුන් නොමැතිව වැටුණු අයුරු දැක 
අනුකම්පාවකි මසිත  වෙලෙන්නේ

        මෙම පද පේළීය තුලින් රචකයා කතාවේ අත්දැකීම පුපුරවා ලබයි. සමස්ත ගීතය පිළිබඳව මේ තුළින් අරුත වැටහෙනු ඇත. අපේ පැරණි ජන සමාජ ක්‍රමයේ අතීතයේ සිටම පැවත එන්නක් ලෙස කන්‍යාවක් නොවන ස්ත්‍රියක්  මංගල පුවරුව මත සිහිසුන්ව ඇද වැටෙන බව අප කවුරුත් දන්නා කරුණකි. එලෙසින්ම ඇය නින්දාවට පත්ව හමාරය. එම මොහොතේ ඇයගේ ජිවිතය විනාශ වීම සිදුවේ නමුත් රචකයා වචන ගලපන්නේ සිහිසුන්ව ඇය ඇද වැටුණු වෙලාවේ ප්‍රේමවන්තයා තුළ අනුකම්පාවක් පමණක් ඇති වී ඇත්තේ ඔහුට ඇය කෙරේ කිසිදු වෛරයක් නැත. අම්මා,තාත්තා,සහොදර,සහොදරියන් මේ සියල්ල ඇයව අතහැර ගොස් හමාරය. ඇත්තටම ඇයගේ තනියට ඇය වටා මෙම  අපූර්ව සත්‍යය හදවතක් සහිත වූ මේ තරුණයා ඇයට ශක්තියක් වි සිටියි. එසේ සිටීමට ඇත්තටම ඔහුට ශක්කියක් වී ඇත්තේ ඇය කෙරේ දැක්වූ වෙන කාටවත් නොදැක්වූ හරිම අහිංසක අපූර්ව වූ ප්‍රේමය නිසාය. තරුණයා විසින් දිගින් දිගටම බිඳවැටුණු ඇයගේ සිත යළි ගොඩනැගීම ගන්නා උත්සාහය හරි අපූර්ව වේයි. මුළු මහත් සමාජයක් ඔහුට ඇයව විවාහ කර නොගන්නා ලෙස පැවසුවත් ඔහු ඇයව තමාගේ බිරිඳ කර ගැනීම කෙතරම් ශක්තිමත් එඩිතර පරමාදර්ශී සැමියකුගේ භූමිකාව සියල්ලන්ට ම ආදර්ශයක් වූ අයුරින් රඟ දක්වනු ලබයි.

 සදාකාලයෙන් සදාකාලයට                                                                
 අපට උරුම නැත දුක් කඳුළු                                                                     
 මැලවුණු මල් පෙති යළි පුබුදන්නට                                                         
 අපේ ලොවට හෙට හිරු පායා එනවා 


      ඇත්තටම මේ වචන වල යථාර්ථය දෙස බලන විට අපට පෙනී යන්නේ මෙහි එන ප්‍රේමවන්තයා නැතිනම් තරුණයා කෙතරම් ශක්තිමත් හිතක් සහිත ධනාත්මක චින්තනයක් සහිත අයෙක්  බව මනාව පැහැදිලි වේ. ඔහු කියනවා අපට හැමදාම දුක් කඳුළු උරුම නැති බව කියාපායි. මැලවුණු මල් පෙති යලි පුබුදන්න අලුත් ලොවට නව හිරු පායා එන බව ඔහු කියයි. එහි අපූර්ව වු අනාගත බලාපොරොත්තුව ලොවට හෙළි කරනු ලබයි පලුදු වු ඇය තුළින්ම පිරිසුදු ස්ත්‍රියක් යලි උපදවනු ලබයි. එනම් නව ජීවය වන ඔවුන් දෙපලගේ දරුවා පිළිබඳව රසිකයාට කියාපාන ලබයි. කළ ඒක් වරදක් නිසා ජීවිත කාලයම දුක්විඳ ඵලක් නැත අලුත් බලාපොරොත්තු සමඟ වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට ඇයට ආරාධනා කරනු ලබයි. මේ ආකාරයෙන් ඉතා අපූර්ව ලෙස වචන ගලපමින් නිමල් ජුලිගේ නම් වූ ගී පද රචකයා සමාජය තුළ කතා නොකරන එහෙත් කලා කතා  යුතුම කරුණක් සමාජය හමුවේ තබා ඇත.


  මෙම ගීතයේ කියවීම වර්ථමානයට යම් ආකාරයකට  ගැලපුවහොත්  ඇත්ත වශයෙන්ම මෙම කරුණ ලාංකීය සමාජය තුළ අදටත් දක්නට ලැබෙන සුලභ කරුණෙකි. කාන්තාවගේ පාරිශුද්ධිය මහ ඉහළින් කතා කරන සමාජ වටපිටාවක් හමුවේ පුරුෂ පාර්ශවය තුල ඇති ගැටලු ගැන කිසිවක් කතා නොකරයි. ඔහුට කිසිදු තහනමක් නැත. කාන්තාවගේ පිරිසුදුකම සොයා බැලීමට යන්නේද කාන්තාවකි එය ‌කෙතරම්  ‌සොචනීයද ලේ පැල්ලමක් සහිත රෙදි කැබැල්ලක් මගින් කාන්තාව පිරිසිදු භාවය තීරණය කරනු ලබයි. නමුත් එය කෙතරම් පිළිකුල්  සහගත ක්‍රියාවක් ද? පිරිමියකුගේ පිරිසිදුකම කුමකින් මැනිය හැක්කක් ද ලෝකයේ ඇති සියලු වැරදි කළ පිරිමියා තමාට ඉතා පිරිසිදු කාන්තාවක් සොයයි. ඒ කෙතරම් හාස්‍ය ජනකද? ජීවිතයේ කාට වුනත් වැරදි සිදුවිය හැකිය. එය දැන් හෝ නොදැන සිදුවිය හැකි නමුත් කල යුත්තේ  වැරදි  නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට හැකි නම් කෙතරම් භාග්‍යයක් ද ඒ නිසා අප විඳවන ජීවිතය අපූර්වාකාරයෙන් විදිය හැකි නොවේද  මෙවන් පහත් ආකාරයෙන් සිතන මානසිකත්වයක් ඇති ලාංකීය ජන සමාජය ක්‍රමය සෝදා හැහැරීමේ  ක්‍රියාවලිය ආරම්භයට කාලය පැමිණ ඇත. අපි ජීවිතය විඳීම මිස එය කිසිවිටෙකත් විඳවීමක් කර නොගත යුතුය. 

G.N පුෂ්ප කුමාර

2 comments: