රජරට වකුගඩු අර්බුදය
ශ්‍රි ලංකාවේ මිට දශක 2-3 සිට දැකගත හැකි ප්‍රබල සොඛ්‍ය
අර්බුදයක් බවට පත්ව මෙම වකුගඩු අර්බුදය පත්ව ඇත. උතුර,උතුරු මැද පළාත් වල බහුලවම දැකිය හැකි
මේය අද වන විට වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වි ඇත. රෝගය ඇතිවිමට මුලික හේතුව බවට පත්ව
ඇත්තේ පවතින ජලය දුෂණය විමය. විශේෂයෙන්ම අද වනවිට මෙම ගැටලුව ලංකාවේ සැම ප්‍රදේශයකටම
ව්‍යාප්ත විමක් දැනගත හැය.වයඹ,නැගෙනහිර
ආදි පළාත් වලට දැක ගත හැකිව ඇත.පදවිය,ශ්‍රි පුර,මැදවච්චිය,දෙහිඅත්තකන්ඩිය,රබෑව,මහවිලපට්ය ආදි ප්‍රදේශ
වල මෙම රෝග තත්වය බහුලවම දැකිය හැකිය.
මෙය අද වන විට සැම 20න් 01ක් අයකුටම වකුගඩු රෝලය
වැළදිමේ අවධානමක් මතුව ඇති බව සමික්ෂණ වර්ථා හෙළි කරනු ලබයි. මේ හේතුවේන් මෑත දශකය
පුරාවට රෝගින් 70,000ක්
වර්ථා වු අතර එයින් 20,000ක්
පමණ මරණයට පත් විය. මේහි බරපතලම තත්වය වනුයේ මෙය වැලදිමේ අවධානම මිලියන3.0ක ජනතාවක් සදහා පවතින
බවයි. මෙම හේතුව නිසාම වකුගඩු රෝගය ප්‍රමුඛ සෞඛ්‍ය අර්බුදයක් බවට පත්ව ඇති අකාරයක්
දැක ගත හැකිය.මෙම රෝගය ලංකාවේ තුල ප්‍රධාන ලෙස දෙවර්ගයකින් ව්‍යාප්ත විම දක්නට
ලැබෙියි.
01 තිව්‍ර වකුගඩු
ආකරණිය
02 නිදන්ගත වකුගඩු
ආකරණිය
මේයින් වඩාත් දරුණු
වන්නේ මෙම නිදන්ගත වකුගඩු රෝගය වන අතර එය වඩාත් භායානක තත්වයක් ඇති කරනු ලබයි.
ලංකාවේ වැඩි පුද්ගලයන් රාශියක් ගොදුරු වන්නේ මේ සදහාය.එ අනුව මෙම රෝග තත්වය මැඩ
පැවැත්විම නොහැකි විිමට හේතු කිහිපයක් දැක්විය හැකිය.
ü
රෝගය
මුල් අවස්ථාවෙි හදුණා ගැණිමට නොහැකි විම.
ü
වයස
60-70 දක්වා
රෝගය වර්ධනය වු විට සුව කල නොහැකි විම.
ü
කෘමිනාශක
පාලනය කිරිමේ නොහැකියාව.
ü
සායන
සදහා රෝහල් පහසුකම් නොමැතිවිම.
ü
වකුගඩු
පරිත්‍යාගශිලින් නොමැති විම.
ආදි ගැටලු වලට මුහුණ
දිමට සිදුවිම තුල ලංකාවේ වකුගඩු රෝගය පාලනය කිරිමට නොහැකි විම නිසා සෞඛ්‍ය සේවය
මහත් අර්බුදයකට මුහුණ දිමට සිදුව ඇත.විශේෂයෙන් රජරට ප්‍රදේශය ආශ්‍රිතව පවතින
වකුගඩු රෝගයට බලපා
ඇත්තේ පස තුල ආසනික්,කැඞ්නියම්
වැනි බැර ලෝහයන් තැම්පත් විමය. මේවා කෘමිනාශක,වල්නාශක,දිලිරනාශක හරහා පසට එකතු විම සිදු කරන
අතර අද වන විට ලංකාවේ දෙමුහුම් බිජ හදුන්වාදිම ආරම්භ විම සමග එයින් වැඩි
අස්වැන්නක් ලබා ගැණිමේ අරමුණින් යුතුව විශාල වශයෙන් පළිබෝධනාශක වගාවන් සදහා භාවිතා
කිරිම නිසා මෙම රසායනික ද්‍රවයන් පසට එකතු විම සිදුව ඇත.
දිර්ඝ කාලයක් එසේ
තැම්පත් විම නිසා ජලය තුලටද මේය එකතු විමේන් ජලය දුෂණය විම සිදුවන අතර එම ජලය
පානයට ගැණිමත් සමඟ මෙම රෝග තත්වයට මිනිසා ගොදුරු විම සිදුවේ. ශ්‍රි ලංකාව අද ලෝකයේ
කෘමිනාශක භාවිතා කරන රටවල් අතර මුලින්ම සිටින අතර බහුජතික සමාගම් විසින් අද ලංකාවේ
ගොවියා මේයට හුරු කර අවසන්ය එම නිසාම රටේ සාරවත් පස විනාශ වි ඇති අතර කෘතිම පොහොර
වලටද හුරු වි ඇත.එබැවින් වගා කරන බෝග ඌරා ගනු ලබන්නේ විෂ සහිත ද්‍රව්‍යයන්ය එම බෝග
අහාරයට ගන්නා අයටද එම විෂ ශරිරගත විමේ අවධානමක් මතුව ඇත.මෙම තත්වයන් නිසා අද වන
විට වකුගඩු රෝග තත්වය වඩාත් උත්සන්න මට්ටමකට පැමිණ ඇත.
මේ අකාරයට අද වකුගඩු
රෝගි තත්වය ප්‍රබල ගැටලුවනක් වි ඇති අතර ලංකාව තුල වකුගඩු රෝගින් සදහා වෙින් වු
එකම රෝහලක් පමණක් පිහිටා ඇත. එ මාලිගාවත්ත රෝහලයි එයත් අද වන විට වෛරසයක් හේතුවෙින්
වසරක කාලයක සිට සැත්කම් කරන්නේ නැත. මේවැනි හේතුන් නිසා අදවන විට සෞඛ්‍ය සේවය මහත්
අර්බුදයකට ලක්ව ඇත. මෙි අයුරින් වර්ථමානයේ පවතින මෙම ගැටලුවට වහා වහා පිළියම්
සේවිමට සිදුව ඇත. එය රජය මෙන්ම පෞද්ගලික අංශයේද වගකිමක් බවට පත්ව ඇති අතර මෙ සදහා
සියලුම දේනාගේ සහයෝගය නොවඩුවම ලැබිය යුතුය. මේ අකාරයෙන් වකුගඩු රෝගය පාලනය කිරිම
සදහා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිහිපයක් පෙන්වා දිය හැකිය.
ü
පිරිසිදු
පානිය ජලය ලබා දිම.
ü
හෘහස්තව
හා මහා පරිමාන ලෙස ජල පිරිපහදු යන්ත්‍ර සවි කිරිම.
ü
සැම
රෝහලක් තුලම වකුගඩු රෝග ඒකකයක් ස්ථාපිත කිරිම.
ü
කාබනික
පොහොර සදහා ජනතාව හුරු කිරිම.
ü
වකුගඩු
රෝග රුධිර කන්ද්‍රකරණය හා වකුගඩු බද්ධ කිරිමේ ජාතික මධ්‍යස්ථානය වැඩි දියුණු
කිරිම.
ආදි ක්‍රියාමාර්ගයන්
ක්‍රියාවට නැගුව හොත් මෙම වකුගඩු රෝග තත්වය යම්තාක් දුරට හෝ මඟ හරවා ගැණිමට
හැකියාව ලැබේනු ඇත. නැතිනම් දිනේන් දින ඉහල යන රෝගින් ද අකාලයේම මිය යාම පමනක්
සිදුවන අතර විවිධ ප්‍රදේශ වල ජනතාව මෙම ගැටලුව නිසා දැඩි පිඩාවකට පත්ව ඇත.

No comments:
Post a Comment