ගැට කිඹුලන්
ඉහත ඡායාරූපයේ සිටින විශාලත්වයෙන් පළමු තැන ගන්නා ගැට කිඹුලා ගේ විද්‍යාත්මක නාමය වන්නේ crocodylus porosus ලෙසය.සෝල්ටීස් කියා කෙටියෙන් ඉංග්‍රීසී භාෂාවෙන් හඳුන්වයි. සිංහල භාෂාවෙන් ගැට කිඹුලා ලෙස හඳුන්වයි. මොවුන්ව ශ්‍රී ලංකාව ඉන්දියාවේ නැඟෙනහිර වෙරළ තීරයල ගිනිකොන ආසියාවල උතුරු ඕස්ටේ්රලියාව යන රටවල ජීවත් වෙයි.
හැල කිඹුලන් ගේ හොම්බ මෙන් දෙගුණයක් පමණ දිගින් යුත් හොම්බක් ගැට කිඹුලන්ට ඇත. තද කොළ පැහැති කළු වර්ණයෙන් යුත් පිට පෙදෙසක් ඇති ගැට කිඹුලා ගේ ශරීරය මැද පෙදෙසේ තැනින් තැන කහ පැහැති තිත් දක්නට ලැබේ. බඩ පෙදෙස හෙවත් උදර පෙදෙස ළා කහ පැහැයක් ගනී. හැල කිඹුලා ගේ දෑස් පිහිටීමට වඩා මඳක් ඈත් ව දෑස් පිහිටා ඇත. තියණු පෙනීමක් ඇති බැවින් ගොදුරු හඳුනා ගැනීමට හැකියාවක් ඇත.
ගැට කිඹුලා කන්දක් ආකාරයට කූඩුව සාදන අතර ඒ සඳහා පස්, කෝටු, කැබැලි හා කොළ රොඩු යනාදිය භාවිත කරයි. වරකට බිත්තර 40ත් 80ත් අතර ප්‍රමාණයක් දමයි. බීජෞෂණ සමය දින 80ත් 100ත් අතර වෙයි. හොඳින් වැඩණු පිරිමි ගැට කිඹුලකු බරින් කිලෝ ග්‍රෑම් 409-1000 අතර ප්‍රමණයක් වෙයිග දිගින් මීටර් 4.1-5.5 අතර ප්‍රමණයක් වෙයි. කුඩා මත්ස්‍යයන් ගේ සිට විශාල ක්ෂීරපායි සතුන් දක්වා වූ ජීවීන් ගැට කිඹුලන් ගේ ආහාරයට අයත් වෙයි. ශ්‍රී ලංකාවේ නිල්වලා ගඟ, වලවේ ගඟ, බොල්ගොඩ ගඟ සහ ඒ ආශ්රිත පරිසර පද්ධතියක් වන බෙල්ලන්විල, අත්තිඩිය වගුරුබිම, යාල, විල්පත්තුව, ගල්ඔය යන ජාතික වනෝද්‍යාන ආශ්රිත බොහෝ ජලාශ්‍රිත ප්‍රදේශවල ගැට කිඹුලන් සුලබව දක්නට ලැබේ. හොඳින් වැඩුණු ගැට කිඹුලකුට මී හරකකු වැනි විශාල ක්ෂිරපායි සතකු ඩැහැගෙන යැමට අපහසුවක් නොවේ. අතිශයින්ම දරුණු වගේම ඉතාමත් නිවැරදි ඉලක්ක ලබාගන්න විලෝපිකයෙක් ලෙස ගැට කිඹුලා දැක්විය හැකිය.
මොවුන් නිරන්තරයෙන්ම සතුන් ගැවසෙන දිය බොන ස්ථානයන් නිරීක්ෂණය කරමින් සතුන්ගෙ හැසිරීම අධ්‍යනය කිරීමෙන් පසු පහර දිම සිදු කරනු ලබයි. ලංකාවේ ඉන්න අනෙක් විශේෂය නම් මෙතරම් විශාල වන්නෙ නැත. ඔවුන්ව හඳුන්වන්නේ හැල කිඹුලන් ලෙස mugger crocodiles වේ. මිලියන ගනනාවකට දිවෙන ප්රාග්ඓතිහාසික යුගයන්වල සිටම මේ විශේෂයන්ගේ ආදිතමයන් දැරූ දඩයම් උපක්‍රම එතරම් දුරකට වෙනස් වෙලා නැහැ ඊට හේතුව වන්නෙ ඔවුන් එතරම්ම සාර්ථක දඩයම්කරුවන් විමයි.

No comments:
Post a Comment