ජිවිතයට ඔවඳනක්.
එක්තරා දවස්ක කුණු ගොඩක තම ජීවිතය බේරා ගැනීමට දඟලන සර්පයෙක් දෙස මිනිසුන් බලා සිටියේ එම සතා බේරාගැනීමට ගියහොත් එම සර්පයා ඔවුන්ට දෂ්ට කරයි යන බියෙනි. නමුත් එතැනට පැමිණි එක්තරා මනුස්සයෙක් අනෙක් මනුෂ්‍යයෝ එපා කියද්දි එම සතා බේරාගැනීමට සතාගේ වලිගයෙන් අල්ලා ඉහලට එසවනු නමුත් බයට පත්ව සිටි සර්පයා ඔහුගේ අත සපා කයි. එම වේදනාව දරා ගැනීමට නොහැකි වුණු ඔහු අතින් නැවත එම සර්පයාව ගිනි ගොඩට ම අතහැරේ.
ඒ විගසම ඔහු අසල තිබූ ළියක් ගෙන එන අතර එය දකින සියල්ලන්ම හිතන්නේ ඔහුගේ අත සපාකෑ නිසා එම සර්පයාව මරන්න යන බවයි. නමුත් සිදුවූයේ වෙනස්ම දෙයකි. තමා ලීයෙන් ගිනි ගොඩෙහි දගලමින් සිටියේ සර්පයා මුදවාගෙන කැළයට මුදා හරිනු ලබයි. එය දකින සියල්ලන් ම ඔහුගෙන් අහන්න එකම ප්‍රශ්නයකි. ඒ සර්පයා දෂ්ට කරලා තිබියදීත් මරලා දාන්න පුළුවන්කම තියෙද්දී ඇයි ඒ සතා බේරාගත්තේ යන්නයි. එවිට ඔහුගේ පිළිතුර වුයේ “සර්පයෝ දෂ්ට කරනවා ඒ ඔවුන්ගේ හැටි මම මගේ මනුස්සකම පෙන්නුවා එච්චරයි”
වෙනත් අයෙකුගේ නොහොබිනා ගති පැවතුම් ඉදිරියෙහි අපිත් ඒ විදිහට හැසිරෙන් ගියොත් සිද්ධවෙන්නේ අපිත් හොබිනා පුද්ගලයකු බවට පත් විමයි. ඒ ඒ පුද්ගලයන් වෙනස්ය ඔවුන්ගේ ඉදිරියේ ඔබ ඔබේ හොඳ ගතිගුණ වෙනස් කරගත් යුතු නැත. ඔබ ඔබේ හෘදසාක්ෂියට එකඟව වැඩ කරන්න අනෙක් අය ඔබ ගැන සිතන අකාරය ඔබට වැඩක් නැත. හැකි සැම විටම අනෙකාට උදවු කරන්න. හොදක් කළ හොත් ඔබට අවංකවම සතුටක් ලැබිය හැකිය.

No comments:
Post a Comment