Monday, November 18, 2019

              

          මල් කැකුළු නසන බාල මාධ්‍ය භාවිතය

                             ළමයා“අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය” යනුවෙන් අර්ථ දැක්වීමක් ඇත. එසේම ළමයින් පිළිබඳ යුනිස්කෝව අර්ථ දක්වන්නේ “ලෝකය දෙස කුතුහලයෙන් බලන ඕනෑම කෙනෙකුට නම්මවා ගත හැකි ආදරය අපේක්ෂා කරන කුඩා වුන්” හැටියටය. ළමයා  යනු ලපටි පැලයකි. නැතහොත් මැටි ගුලියකි. මෙලෙස පවසන විට ඔබ සිතන්නට ඇත මා ළමයා හාස්‍යයට ලක් කිරීමට දරන උත්සාහයක් ලෙසටය. නමුත් එය එසේ නොවේ. යථාර්තය නම් මේ කුඩා ලපටි පැලය රසවත් එළ දරන වෘක්ෂයක් වන්නටත්, මැටි ගුලිය අලංකෘත කැටයම් වලින් නිර්මිත බදුනක් වන්නටත් ඊට ලැබෙන බාහිර සාධක බලපානු ඇත. පැලයක් නිසි ලෙස වැඩීමට නම් ජලය, පොහොර, හිරු එළිය ආදියද මැටි ගුලිය ප්‍රාණවත් වීමට නම් ජලය, සකපෝරුව මෙන්ම අත් ගුණයද අත්‍යවශ්‍ය වේ. මේ අයුරින් ළමයාට ද කුඩා අවධියේ සිටම  සමාජය තුළ හොඳ පුරවැසියකු වන්නට මුල් අඩිතාලම වැටෙන්නේ ඔහුට හෝ ඇයට ලැබෙන බාහිර සාධක නිසාය.
ළමයා පිළිබඳව වර්තමානයේ වැඩිහිටි සමාජය තුළ දැඩි කතාබහකට ලක්වූ මාතෘකාවක් නම් මාධ්‍ය තුළින් ළමයාට සිදුකරනු ලබන බලපෑම පිළිබඳවයි. අද වන විට සමාජයේ ප්‍රබල බලපෑමක් කළ හැකි අවියක් බවට මාධ්‍ය ඇත. එම නිසා මෙම කාරණාව තුලනාත්මකව නිරීක්ෂණය කළ යුත්තක් බවට පත්ව ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාව ආසියාතික රටක් වශයෙන් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ගත් විට මෙම රටවල මාධ්‍ය භාවිතය සතුටුදායක මට්ටමක පවතින ආකාරයද දැකගත නොහැකිය. මන්දයත් ජනතාවට මාධ්‍ය තුලින් තමන්ට අවශ්‍ය අනවශ්‍ය කුමක්ද යන්න තොරා බේරා ගැනීමේ නොහැකියාවක් උද්ගතව ඇත. මේ තුළ ළමා පරපුර මෙම මාධ්‍ය වල ගොදුරු බවට පත්ව තිබීම ඉතා කනගාටුදායක තත්වයකි.
                        
අද වනවිට මාධ්‍ය අතීතයට සාපේක්ෂව වර්තමානය වන විට වැඩි වර්ධනයක් අත් කරගෙන සිටි. එය වර්තමානයේ  විද්‍යුත් මාධ්‍ය , මුද්‍රත මාධ්‍ය හා නව මාධ්‍ය වශයෙන් ප්‍රධාන ධාරා ත්‍රිත්වයක් යටතේ ලෝකය තුළ ප්‍රබල භූමිකා රංගනයක යේදිම සිදුවේ. ඒ අතරින් වර්තමාන වන විට නව මාධ්‍ය ප්‍රබල බලපෑමක් කිරිම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාව තුළ දරුවන්ට මුලින්ම පොත් පත් හා පුවත්පත් පරිශිලනය කිරීමේ අවස්ථාව උදා වුනි. එදා සමාජය ප්‍රබල සංස්කෘතික බැදිම් හා ආචාරධර්ම අගයන මාධ්‍යවේදයකින් ඇරඹි පුවත්පත් අතර ළමා පුවත්පත් පමණක් දරුවන් අතට පත්විම සිදුවිය. පසුව කෙමින් කෙමින් ගුවන්විදුලි පැමිණිම සිදුවිය. එ සමග හරවත් වැඩසටහන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් විය. එසේම අද මෙන් විශාල චැනල් ප්‍රමාණයක් දක්නට නොතිබුණු අතර රාජ්‍ය නාලිකා පමණක් විය. නමුත් වර්ථමානයේදි නම් දක්නට ලැබෙන්නේ හතු පිපෙන්නාක් මෙන් බිහිවු විශාල නාලිකා ප්‍රමාණයකි. එවා තුළින් වර්ථමානයේ ළමයාට උචිත වු වැඩසටහන් මාලාවක් විකාශනය නම් දැකගත නොහැකිය. බොළද වදන් සහිත වු කිසිදු වැඩකට නැති පල්හෑළි දොඩවයි. භාෂාව පවා විකෘති කොට ඇත. මෙවන් තත්ත්වයක් හමුවේ ළමයාට අර්ථවත් දෙයක් ගුවන්විදුලියෙන් ලබා දෙන අකාරයක් දැකගත නොහැකිය. 
                           
 පසුව රුපවාහිණි මාධය ලංකාවට පැමිණිම සමග එය  ජනතාව අතර කෙටි කලක් තුළ අතිශය ජනප්‍රිය විය. මෙම හේතුව නිසාම රාජ්‍ය මෙන්ම පෞද්ගලික වශයෙන් නාලිකා රැසක් සමාජය තුළ බිහිවිය. වර්ථමානය වන විට මෙම රුපවාහිණිය ළමයාගේ ප්‍රබල සතුරකු බවට පත්ව ඇත. මන්දයත් වර්තමානයේ මාධ්‍යයේ අරමුණ වී ඇත්තේ මුදල් සෙවීම පමනයි. අද වැඩසටහන් වල ගුණාත්මකභාවය පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වයි. එ බව අපේ වැඩිහිටියන්ට තේරුම් ගැනීමට නොහැකි වීම නම් ඉතාම කනගාටුදායක තත්ත්වයකි. වර්තමානය වන විට ඉන්දියානු මෙගා නාට්‍යවලට අපේ දෙමව්පියන් යොමුව හමාරය. අද වන විට සෑම ගෙදරකම මව කලින්ම ගෙදර වැඩ අස්පස් කර  රූපවාහිනිය ඉදිරිපිට වාඩි වේ. එය ආදර්ශයට ගනිමින් හයක් හතරක් නොදත් තම දරුවන්ද එය එබ්බැහි විම සිදුවේ. මෙහි ඇති බරපතළකම දෙමාපියන්ට තවමත් හරිහැටි අවබෝධ වූ ආකාරයට නොහැකිය. මෙම නාට්‍ය වලින් දරුවන්ට මෙන්ම මාපියන්ටද ගතහැකි දෙයක් නම් නැත. මෙවන් තත්ත්වයක් හමුවේ මවට තම දරුවාට තහංචියක් පැනවිය නොහැකි තත්ත්වයට අද පත්ව ඇත.
                             
අද වන විට නව මාධ්‍ය යන සාධකය ළමා මනස විකෘති කිරීමට ප්‍රබල බලපෑම් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම පරිගණකය, අන්තර්ජාලය මෙන්ම දුරකථනය ආදී ක්ෂේත්‍රවල සිදුවු වර්ධනය සමග නව මාධ්‍ය නැඟීම් වර්ධනය විය. අද වන විට  දෙමවුපියන් විසින් සිදුකරනු ලබන විශාලතම වැරැද්දක් වන්නේ දරුවන්ට කුඩා අවධියේ සිටම දුර්කථනයක් පරිගණකයක් රැගෙන දීමය.  කුඩා අවධියේ දරුවෙකුට එමගින්  සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගත නොහැකිය. ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැත. මේවා දරුවන්ට රැගෙන දීම මාපියන් විසින් සිදුකරනු ලබන විශාල වැරැද්දකි.
                                 
පාසල් යන දරුවන්ට දුරකථනයක් රැගෙන දුන් විට ඔහු කරන්නේ face book, you tube, whatsapp, vibar වැනි සමාජ ජාල මාධ්‍ය භාවිතා කිරීමකි. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපන කාලය ඒවාට නිකරුනේ යොදවයි. දරුවා දුරකථනයට පරිගණකයට පමනක් කොටු වේ. ක්‍රීඩාවට සමාජ ආශ්‍රයට යොම නොවේ. ඔහු මුළු ගැන්වීම සිදුවේ. මෙම නිසාම දරුවාගේ ක්‍රියාශිලී බව, දැනුම අවම වේ.  විවිධාකාර වු ලෙඩ රෝගවලට පවා ගොදුරු වීම දක්නට ලැබේ. එම නිසා මෙම නවින තාක්ෂණය දරුවාගේ සතුරෙකු බවට පත්ව හමාරය.
              
අද සිටින දරුවන් සෙල්ලම් කරන්නේ නැත. ඔවුන් කරන්නේ දවස පුරාම පරිගණයක් ඉදිරිපිට වාඩි වි ගේම් ගැසිමය. ළමුන්ගෙන් 80%ක්  මෙසේය. මෙයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ දෙමාපියන් නොවේද? මෙවන් තත්ත්වය හමුවේ මාපියන්ට තම දරුවන්ට කෙරේ වු වගකීම් දෙස දෙවරක් සිතීමට කාලය එළැඹ ඇති බව කිව යුතුය. මේ අයුරින් තම දරුවන් කුඩා කාලයේ පාසලටත් ටියුෂන් පන්තියටත් ගතවන අතර ඉදිරි කාලය පරිගනකයට, රූපවාහිනියට, දුරකථනයට පමණක් සීමා කිරීම්ට ඉඩ හැරිය යුතු ද? මෙය ලෝකයේ අනෙක් රටවල්ට පැරණි මාතෘකාවක්  වුවද ශ්‍රි ලංකාවට තවමත් මෙය අලුත්ය. මන්දයත් අප රටේ දෙමාපියන් තාමත් මාධ්‍ය පිළිබඳව හරි හැටි වු  අවබොධයෙන් ලබා ගැනීමට  සමත් වි නොමැත. සැබැවින්ම මාධ්‍ය හැසිරෙන්නේ ප්‍රාග්ධනය  මුල්කර ගනිමින්ය. මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට අද මාධ්‍ය ආයතන යොමු වි ඇත. එම නිසා දෙමාපියන් මාධ්‍ය යනු ව්‍යාපාරයක් බවත් ඒවා යම් යම් න්‍යාය පත්‍ර වලට අනුව වැඩකරන බවත්  මුදල් වෙනුවෙන් මේ සියල්ල කරන බවත් තේරුම් ගත යුතුය.

එම නිසා දෙමව්පියන් මෙම මාධ්‍ය රැල්ලට  හසු නොවී දරුවන්ට අවශ්‍ය මොනවාද යන්න තීරණය කරමින් අවශ්‍ය වැඩසටහන් මොනවාද අනවශ්‍ය වැඩසටහන් මොනවාද යන්න තම දරුවන්ට පෙන්වා දීමට හැකියාවක් තිබිය. රුපවාහිණියට දුරස්ථ පාලකයක් ලබා දී ඇත්තේ ඇයි දැයි අදටත් දෙමාපියන් හඳුනන්නේ නැත. සැබැවින්ම එ චැනල් මාරු කිරීම පමණක් නොව අනවශ්‍ය චැනල් වසා දමන්න යැයි කරන ඉඟියකි. එම නිසා තම දරුවන්ට නිවැරැදි මාවත පෙන්වා දීම සෑම දෙමාපියකු  සතු වු වගකිමක් බව තරයේ අවබෝධ කරගත් යුතුය.

Tuesday, August 6, 2019



                                ගල්ගමුවේ වන අලි සංහාරය හා ඊට  විසදුම                                                                                  සොයා පාලකයන් අදුරේ අතපත ගෑම.



 අතීතයේ සිටම ලංකිය සංස්කෘතිය  සිංහල  සාහිත්‍ය සෞන්දර්ය බුදු දහම තුල අලි ඇතුන්  සමග සමිප සබදතාවයක් දක්වනු ලබයිග අලියා යනු ගොඩබිම වාසය කරන විශාලතම ක්ෂිරපායි සත්ත්වයා ලෙස හදුන්වනු ලබයි අලයාගේ විද්‍යාත්ම නාමය වන්නේ Elephan Maximas නමින්ය ලෝකයේ අලි  ප්‍රධාන වර්ග දෙකක්  දැකිය හැකියග අප්‍රිකානු අලියා හෙවත් Loxidonto of Ricana සහ ආසියානු අලියා  හෙවත් Llephas Maximas වශයෙන්ය.
                                     මේ අතර ලංකාවේ වන අලින් වර්ග දෙකක් දැකිය හැකිය. එ කොට අලි සහ උස අලි වශයෙනි එහෙත් කොට අලියා හෙවත් කුරු අලි විශේෂය අද වන විට වද වී ගොස්ය. නමුත් අතීතයේ  ලංකාවට පමනක් ආවේණික වු කුරු අලින් නකල්ස් කදු වැටිය ආශ්‍රිතව ජිවත් වු බවත් එකල ඉංග්‍රිසි පාලන සමය නිසා ඔවුන් විනෝදය සදහා එම අලින් මරා දැමු නිසා ඔවුන් වද වී ගොස් ඇත. දකුණු ආසියාවේ රටවල් 13ක අලින් ජිවත් වන අතර අලි ඝහණය 41000-52000 අතර ජිවත් වන බවත් ඉන් 10% ලංකාවේ ජිවත් වේ. එ අනුව ලංකාවේ වර්ථමානයේ අලින් 5000-6000 අතර සංඛ්‍යාවක් වාසය කරන බව වනජිවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන නමුත් ඔවුන්ට ජිවත් විමට වනාන්තර ඇත්තේ 2% බව පෙන්වා දිය හැකිය. මෙම ගැටලුව නිසාම වන අලින් ලංකාව තුල දැඩි ලෙස පිඩා විදිම සිදුවන ආකාරය පෙක්වා දිය හැකිය. වේනත් සත්ත්ව විශේෂවලට වඩා වන අලින් වේනස් වන්නේ ඔවුන්ගේ උසස් බුද්ධිය මතක ශක්තිය අතින් උසස් වන නිසාය. අි ඇතුන් ලංකා‌ෙවේ පමනක් නොව මුළු ලෝකයෙන්ම විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර මොවුන් වද වී යාමේ සත්ත්ව විශේෂයක් ලෙස 1986 දි රතු දත්ත පොතට ඇතුලත් කරන ලදි. ලංකාවේ අලි ඇතුන් ගැන කතා කිරිමේදි විශේෂ තැනක ගනු ලබන්නේ වයඹ වන ජිවී කලාපය විශේෂත්වයක් ගනු ලබයි. ඊට හේතුව ලංකාවේ සුවිශේෂි අලිි ඇතුන් මේහි වාසය කිරිමයි.
        එසේම තවත් වැදගත් කමක් වනුයේ වන අලින්  වැඩි වශයේන් මෙම ප්‍රදේශයේ වාසය කිරිමයි. එයට බලපා ඇත්තේ ආසියාවේ හොදම ස්විභාවික විල් ඇති විල්පත්තුව හා පොළොන්නරුවේ සෝමාවතිය රක්ෂිතයට ඇති ප්‍රධාන අලිමංකඩ ගල්ගමුව හරහා පිහිටා තිබිම හා කලාවැව, බළලුවැව, කහල්ල,මහ සියබලන්ගමුව, රැස්වේහෙර, සියබලන්ගමු ඔය බුදුරුවකන්ද, ගිරිබාව, හෙට්ටිආරච්චිගම පුත්තලම පරේ 12-17 කණු අතරින් කලාඔය හරහා විල්පත්තුවට ඇති ගමන් මාර්ගය වැටි තිබිම නිසාය. එසේම මෙම අලින්ගේන් 82% දිවි වෙන්නේ රක්ෂිතවලින් බැහැරවය පෞද්ගලික ඉඩකඩම් වල සැරිසැරිම සිදු වේ. මෙම තත්වය තුල වයඹ ගල්ගමුව වනජිවි කලාපයේ අලි ගැටළුව උඩුදුවා ඇති ආකාරයක් හදුණාගත හැකිය.
                                            ''කැළය වන සතුන්ගේ උරුමයකි උන්ට ජිවත් විමට වේන තැනක් නැත. මිනිසාට කැළය අවශ්‍ය නම් වන සතුන්ට හානියක් නොවන ආකාරයකින් යම් සාධාරණත්වයකට අනුගතව එම අවශ්‍යතාවය ඉටුකර ගත යුතුය ආදිවාසින් හා වන අලින් අතර කිසි දිනක ගැටුම් හට නොගත්තේ එ දෙගොල්ලන්ම තම තමන්ගේ පාඩුවේ ජිවත් වු නිසාය කෙන්යාවේ බසයිමාරා වන උයනෙහි වන අලින්   වේසෙනුයේ සිය දහස් ගණන් රංචු වශයෙන්ය එහෙත් අවට ගම්මාන කලට උන්ගෙන් කිසි දිනක හානියක් නොවෙයි  මිනිසකු අලියෙක් විසින් තලා දමනුයේ උන්ට හානියක් කළහොත් පමණි නමුතු ලංකාවේ තත්වය සම්පූර්ණයේන්ම ඊට වේනස්ය අපේ මිනිසා සතුන්ගේ උරුමය සම්පූර්ණයෙන්ම උදුරාගෙන ඇත වන අලින්ට පරුෂ වචන වලින් බැනිම උන්ට ගිණි පිබිම උගුල් ඇටවිම උන්ගේ නිවහන උදුරා ගැණිම සිදු කොට ඇත”                                                                           ලංකාවේ දි වන අලින්ට අතීතයේ සිටම සිදු වුයේ මහත් අසාධාරණයන්ය අතීතයේදි ඉංග්‍රිසින් විසින් විනෝදය සදහා විශාල වශයෙන් වන අලින් ඝාතනය කිරිම සිදු කලේය. එයින් ඔවුන්ගේ විරත්වය පෙන්විම කලේය. එසේම එක්තරා බස් හිමියකු විසින් අලින් 737 තම අතින්ම මාර දැමු බව ඔහුම හෙළි කොට ඇත. මෙම කරුනු වලින් පැහැදිව පෙනෙන කරුනක් නම් අතීතයේ සිට අද දක්වාම අපට අලි සම්පත අහමි  වන ආකාරයක් පෙන්නුම් කිරිමයි. එ අණුව ලංකාවේ වන අලින්ගේ නිජබිම  අහිමි විම සිදුව ඇත්තේ  විවිධ වු මිනිස් ක්‍රියාකාරකම් හේතුකොට ගෙනය ගල්ගමුව වනජිවි කලාපය ගල්ගමුව අඹන්පොළ, ඇහැටුවැව, ගිරිබාව, කොටවේහෙර මහව, රස්නායකපුර ආදියෙන් සමන්මිත වන අතර මිගලෑව, සියඹලන්ගමුව, නාන්නේර්ය වන්නි අම්ණකොලේ, විකාදෙණිගම, ගල්ලෑව කත්නෝරුව, පාළුකඩවල, වාරියපොළ, කලාවැව ආදි ප්‍රදේශ වල වැඩි වශයේන් අලින් ගැවසිම සිදුවේ.                                                                                  ගල්ගමුවේ වර්ථමානයේ ජිවත් වන අලි ඇතුන්ගේන්  බහුතරයක් වනින්තර වලින් බැහැරව සිටිම දක්නට ලැබේ. මේ සදහා සෘජුවම මිගලෑව මහවැලි කොට්ඨාශයේ මහවැලි ජනපදිනයන්ගේ දෙවන තෙවන පරම්පරාවග් විසින් සිදු කර ඇති අලින් ගේ වාසභූම් ආක්‍රමණය බලපා ඇත. මේ අණුව බලන විට  අලින් ජිවත් වන ප්‍රදේශ වලින් අක්කර 1000 පමණ ප්‍රදේශයක අනවසරයෙන්  වගාවන් සිදු කොට ඇති ආකාරයක් හදුණාගත හැකිය.  මෙම තත්වය හමුවේ  අලි මිනිස් ගැට්ම උග්‍ර අතට පත්ව ඇති අකාරයක්  හදුණාගත හැකිය. අද වනවිට වැව් ආශ්‍රිතව වගාවන් බොහෝමයක් කර ඇත. නමුත් අලින් ප්‍රිය කරන තෘණ වර්ග රාශියක්ම වැවේනුයේ වැව් තාවුල්ලවල් ආශ්‍රිතවය මෙවන් තත්වයක් තුල අලින්ට තම අහාර පවා සොයා ගැණිමේ දුෂ්තාවයන් මතුව ඇත. වැඩි වශයෙන් හේන් ගෙවිතැන් කිරිම අනවසරයෙන් සිදු කරනු ලබයි එම තත්වය තුලින්ද වන අලියාට තම නිවහන අහිමි වි ගොස් ඇත. අලියාට සිදු ව ඇත්තේ එම වගාවන් වලට පැමිණිම හැර වේන කරන්නට දේයක් නැත. එසේම ගල්ගමුවේ වන අලින්ට ඇතිවි ඇති ප්‍රබල ගැටලුවක් නම්  අලින්ගේ පාරම්පරික ගමන් මාර්ග ඇහිරි  යාම පෙන්වා දිය හැකිය. අලියා පෙර කි පරිදිම වැඩි මතක ශක්තියක් ඇති  සත්ත්වයකි එම නිසාම ඔහු ගමන් කරන්නේ තමන්ටම ආවේණික වු ගමන් මාර්ගය තුල පමණක්ය.
                 නමුත් අද වන විට එම සියලු ගමන් මාර්ග ගැමියන් විසින් හරස් කොට ඇත. සියඹලන්ගමුව වැව් ඉස්මත්තේ ඇති ගමන් මාර්ගය හරස් කොට අන්දරබැද්ද ජනපදයද ගල්ගමුවේ සිට නිකවැරටිය දක්වා ඇති අලි ගමන් ගන්නා මර්ගය හරස් කොට කළුවිලපොතාන ජනපදයද ඉදිකොට ඇත. මේවන් ආකාරයේ පාලකයන් ගේ අසාර්ථක ක්‍රියාමාර්ග නිසා වන සතුන්ට සිදුව ඇත්තේ කබළෙන් ලිපට වැටිම වැනි දෙයකට පත් විමය. මේ අනුව මිනිසා අලින් ගේ නිවහනට යාම තුළින් අදවන විට අලි මිනිස් ලැටුම උග්‍ර අතට පත්විම සිදුව ඇත. මේයට විසදුමක් ලෙස ගල්ගමුව ප්‍රදේශයේ විදුලි වැටක් ආරම්භ කිරිමට යෝජනා වනුයේ 1997 දිය. නමුත් වවනාන්තරවල ව්‍යාජ ඔප්පු සදා ගන්නා පුදුගලයන් හා දේශපාලඥයන්ගේ බලපෑම මත නැවතුණ. එහෙත් එය නැවතත් 2013 දි ආරම්භ කිරිම සිදු කලත් වැට නිර්මානය කිරිම කලේ විවිධ පුද්ගලයන්ගේ උවමනා එපාකම් වලට අනුවය. බොහෝමයක් විදුලි වැට ගැසිම සිදු කලේ අලින් හා ගම්මානවල් මැදි කොටය එම නිසා සිදු වුයේ අලි මිනිස් ගැටුම තව තවත් උස්සන්න වීමක්ය. විටක දි වයඹ වනජිවි කලාපය අවරණය වන පරිදි 155km දිග විදුලි වැටක් නිර්මානය කිරිම සිදු කලේය. එය විවිධ පුද්ගලයන්ගේ මග පෙන්විමේන් සිදු කලත් එය සම්පුර්ණයෙන්ම අසාර්ථක උත්සහයක් බවට පත් වි ඇත. 
                                පසුවද ගල්ගමුව අවට ප්‍රදේශ වල විදුලි වැටවල් 05 ක් නිර්මානය කලේ අතිවිශාල මුදලක් වැය කරමින්ය. නමුත් ඒවාද අසාර්ථ විමට බලපා ඇති ප්‍රධාන හේතුව වි ඇත්තේ එම විදුලි වැටවල් නිසි ලෙස නඩත්තු නොකිරිම මත එම වැඩපිළිවේලවල් අසාර්ථ උත්සහයන් බවට පත්ව ඇත. මෙම තත්වය තුල ගොවින්ගේ වගා ඉඩම්  ගෙවල් දොරවල් හා මිනිස් ජිවිත සදහා දැඩි බලපැමක් එල්ල වි ඇත. විශේෂයෙන්ම වසරකට අලි පහර දි මිනිස් ජිවිත 50 ක් පමණ අහිමි වේයි විශේෂයෙන්ම රාත්‍රි කාලයට මෙම වල් අලින්ගේ පහර කෑම් වලට ලක් විමට සිදුවන බව වනජිවි දෙපර්මේන්තුව ප්‍රකාශ කරි. මෙම තත්වය තුල මිනිසුන් දැඩි ලෙස අලින් සමග වෛර බැදිම සිදුව ඇත එම තත්වය තුල විවිධ ක්‍රම ඔස්සේ අලින්ට පහර දිම සිදුවන අතර එය කෙතරම් දරුණු තත්වයට පත් වනවාද කිවහොත් එය අමානුෂික අලි ඝාතණයක් දක්වා දුරදිග යාම සිදුවේ. මේය බෝහෝ දේනාගේ නෙතට කදුලක් උනන දසුනක් බවට පත්ව ඇත විශේෂයෙන්ම වයඹ කලාපයේ ගල්ගමුව වනජිවි කොට්ඨාසයේ සිදුවු අලි ඝාතන රාශියක්ම වාර්ථා වුණි.
                                                          මේය අද වන විට ශ්‍රි ලංකාවටම පොදු තත්වයක්වි වි වන අලින් වසරකට 250 ක් පමණ අති විශාල සංඛ්‍යාවක් මිය යාම සිදු වේ. මේය මිනිසාට එතරම් නොදැනෙන්නේ ඔවුන් එකවර නොමැරෙන නිසාය අලියකු මැරිමට රජයෙන් බෝහෝ විට අවසර ලැබේනුයේ මිනිසුන් 15 ක් ඝාතනය කළහොත් පමණි. නමුත් අලින් විශාල තොගයක් එකවර මියගිය හොත් එය මිනිසාට බරපතලව දැනේයි කොපමණ සංහාරයක්ද කියා කතාකරනු ලබයිි. අලියකුගේ ආයුෂ ප්‍රමාණය මිනිසාගේ ආයුෂ වලට බෝහෝ සමානය 50-60 අගර කාලයක් ජිවත් විම සිදු වේ. එසේම අලි පැටවේකු මිහිතලයට බිහිවන්නේ වසර 05 කට සැරයක්ය ඊට හේතුව වන්නේ දරු ගැබක් මාස 22 තිබේන අතර තවත් වසර 03 ක් පැටියකු කිරිබිම සිදු වේ. මෙම තත්වය තුල අලියකු ඝාතනය කරිම කොතරම් අපරාදයක්ද කෙතරම් කුරිරු සහගතද එසේම දැනට ලංකාවේ ඇති ඇතුන්ගේන් හොදම දළ ඇතුන් සිටින්නේ ගල්ගමුව තුළය.     
                                     මෙම කලාපයේ ඇතුන් 18 දෙනෙක් සිටියි. එය ගල්ගමුවට මහත් අභිමානයක් වුවත්  ඔවුන්ගේ ජවිතය පිළිබදව නම් ඇත්තේ ඉතාම අවධානම් තත්වයක්ය එයට හේතුව වන්නේ ඔවුන්ගේන් 4 දෙනේකුම පව්කාරයන්ගේ ගොදුරු බවට පත්වි අවසන් ගමන් ගොස් ඇති අතර මුළු ලංකාවටම මහත් අභිමානයක් ගෙන දෙන මෙම දළ ඇතුන් සිටින්නේ ඉතාම සිමිත පිරිසකි ඔවුන්ගේ ආරකෂාවට මේවන තෙක්ම කිසිදු සරණක් හිමිව නැත. 
                           
ගල්ගමුවේ සිටි සියඹලන්ගම්වේ හස්තායා නැතිනම් ඇත්රජු ලෙස මුළු ලංකාවේම ගෞරවයට පත් හස්තිරාජයා 2010 නොවැම්බර් මස අකාලයේ තම ජිවිතයෙන් සමු ගැණිමට සිදුවුයේ වනජිවි දෙපර්තමේන්තුවේ තිබු දැඩි නොසැලකිල්ල හේතුකොට ගෙනය. මෙම හස්තිරාජයා කිසිවේකුට කරදරයක් කරනුයේ ඔහුටද කරදරයක් කළ හොත් පමණි. හේන් ගොවිතැන් කරණ විවිධ පුද්ගලයන්ගේ විවිධ ක්‍රියා හේතුවේන් ප්‍රචන්ඩ වු සද්දන්තයා  කිහිප දෙනේකුම මැරිමට තරම් නොසන්සුන් විය. එය වහාම මැඩ පැවැත් විමට සදහා ගල්ගමුව ප්‍රදේශිය ලේඛම්ගේ අනුදැනුම මත හස්තිරාජයා මාදුරු ඔය රක්ෂිතයට ගෙන යාමට තීරණය විය. එ අණුව වනජිවි නිලධාරින් අලියාට නිර්වින්ධය ලබා දිමේන් පසුව 2-5නප දුර ගොස් නර්වින්ධනය වු පසුව වනජිවි අංශයේ ලොරි රථයකට පටවා ගෙන යන අතර ගමන් කර 40km ක දුරක් යම්න් පසුව අලියාට යම් අපහසුතාවයක් ඇති බව පෙනි ගියේය.
                                      එ අණුව බලන විට අලියාගේ දකුණු පාදය ලොරිය තහඩුව සිදුරු වි අගල් 06 ක් පැන ගොස්ය අනෙක් වම් කකුලට ඔහුගේ පපුවට සිර වි අලියාට හුස්ම ගැණිමට අපහසු විම හේතුවේන් පහත් වි සිටියහ එය දැනගත් වනජවි නිලධාරින් වහාම සියඹලන්ගම්ව වැව් රක්ෂතයට ගෙන ගියද කෙටි වේලාවකින් හස්තියා වමනය කොට අවසන් හුස්ම පොද හෙලුවාය. මේයට සෘජුවම චෝදනාව එල්ල වුයේ වනජිවි දෙපාර්තමේන්තුවටය හේතවු අබලන් වු වාහන භාවිතා කොට  අලියා රැගෙන යාමය. මේවැනි නිලධාරින්ගේ නොසැලකිලිමත් ක්‍රියාවන් නිසා රටට අහිමි වන්නේ රටේම උරුමයන්ය.   එසේම  වර්ථමානය වන විට විවිධ වු ම්නිස් ක්‍රියාකාරකම් නිසා  අලි  ඝාතන වැඩි විමේ ප්‍රවණතාවයක් මතුව ඇත. 2017 අගොස්තු මස අගදි දේවගිරිපුර හා ගනේදිවුල්වැව අතර ඇති වේල් යායකදි වේඩි තැබිමකින් වන අලියකුට ජිවිතය අහිමි විය. එය අනවසර වගා කරුවේකුගේ කුරිරු ක්‍රියාවක් නිසා අහිමි වු ජිවිතයකි මිනිසාට පමණක් නොව ජිවත් විමේ අයිතිය වන   සතුන්ටද උරුම වි ඇත මෑතකදි අපට අසක්නට ලැබුණු දළ පුට්ටුවාගේ මරණය කාගේත් හදවත් කම්පා කළ සිදුවිමක් විය හේතුව ගල්ගමුවේ  සිටි දැවැන්තම හස්තිරාජයෙක් විමය. ඔහුගේ ඇස් පවා මිනිසුන් වේඩි තබා අන්ධ කොට තිබුණ-ි රු ලක්ෂ 20 ක් වැනි මුදලකට දළ පුට්ටුවාට තම ජිවිතය මෙම තිරිසනි  මිනිසුන්  වේන්දේසි කරයි යන්න සිහිනයකින් හෝ සිතන්නට නැත.
                                                   
     2017 දෙසැම්බර් මස මෙම අවාසනාවන්ත පුවත අසන්නට ලැබුණ. මේහිදි වලාන දුෂණ විමර්ශණ එකකය විසින් ඇත් දළ යුගලක් රු ලක්ෂ 20 වැනි මුදලකට විකිණමිට යන අවස්ථාවේ ග්‍රාම නිලධාරියකු පොලිස් නිලධාරියකු හා තවත් සැකකරුවේක් අත්අඩංගුවට ගනු ලැබිය. ඔවුන්ගෙන් ප්‍රශ්ණ කිරිමේදි අනාවරණය වි ඇත්තේ කහල්ල ප්‍රදේශයෙදි දළ පුට්ට්වාට අත්තුවක්කුවකින් හිසට ‌වේඩි පහරවල් 10 තබා ඝාතනය කොට ඇති බවයිි. කේදනියම තත්වයක් වනුයේ මේ සදහා වනජිවි අංශයේම සම්බන්දයක් ඇති බවට තොරතුරු සොයා ගැණිමයිි. මන්ද සිරුර යාන්ත්‍රක කියත් වලින් කපා ඇත්දළ ළබාගෙන සිරුර කොටස් වලට වේන් කොට වනජිවි දෙපාර්තමේන්තුවේම බැකෝ යන්ත්‍රයක් මගින් වළ දැමිමයිි. මේය දැඩි කුරිරු සහගත ඝාතනයක්ද යන්න පැහැදිලි කරණ පශූ වෛද්‍යවරුන් පවසන්නේ ඇතා මිය යාමට ප්‍රථම දළ ගලවා ඇති බව සනාථ කිරිම නිසාය ඔහු එසේ දුක්විද මිය යාමට තරම් කළ වරද කුමක්ද මුදලට තම දරුවා පවා විකුණන සමාජයක් තුල මුදල් ‌වෙනුවෙන් මේවන් සතෙකු මැරිම සමාන්‍ය දේයක් බව පිළිකුල්. සහගතව කිව යුතුය. එසේම ගල්ගමුවේ තනි දළයා නමින්  විරුදාවලිය ලත් එක් දළ ඇතෙකු මෙම දින වල කලබල වි ඇති අතර ඔහු අල්ලා හොරොව්පතාන අලි රැදවුමට දැමුවත් නැවතත එය බිදගෙන ගල්ගමුවටම එන ආකාරයක් පෙන්වා දිය හැකිය.
                          මේයින් කියාපාන්නේ මිනිසාට තම ආවේණ ප්‍රදේශවලින් ඉවත් නොවේනා සේම වන සතුනටද තම හුරු ප්‍රදේශය අතහැර දා ජිවත් විය නොහැකි බවයිි. එසේම ගල්ගමුව හරහා දිවේන කොළඹ අනුරාධපුර ප්‍රධාන දුම්රිය මාර්ගය හේතුවේන් විවිධ අවස්ථාවල අලින්ට අනතුරු විම හා ජිවිත පවා අහිමි වු අවස්ථා දක්නට ලැබුණිි. විශේෂයෙන්ම අඹන්පොල වාරියපොල කාසිකොටේ මි ඔය මිගස් හංදිය ආදි ප්‍රදේශ වලින් අලින් බහුලවම පාර මාරු විම සිදු වේ. එම අවස්ථාවල දුම්රිය හා ගැටිම සිදු වේ එපමණක් නොව මෙම ප්‍රදේශ වල වන අලින් මුහුණ දෙන ගැටලු රාශියක් දැකගත හැකිය. විදුලිසැර වැද්දවිම, කදන් තුවක්කු බැදිම හක්කපටස් තැබිම වැනි ක්‍රියා නිසා අලින් වැඩි වශයෙන් තුවාල විම හා මිය යාමේ අවස්ථාවන් අසන්නට ලැබේි.මෙම ගැටලු වලට ප්‍රධාන ලෙස බලපාන කරුනක් නම් වන අලින්ගේ වාසභූමි අහිමි විම යන කරුණ පෙන්වා දිය හැකිය. ලංකාවේ රජය විසින් එදා සිට අද දක්වාම නොයෙක් ආකාරයේ යෝජනා අණපනත් ක්‍රමවේදයන් රාශියක් ක්‍රියාත්මක කරත් මේ දක්වාම මෙම අලි ගැටලුවට නිසි පිළිතුරක් දිමට සමත් වි ඇති ආකාරයක් හදුණාගත නොහැක. 1980 අංක 47 දරණ පරිසර පනත 1993 අංක 772/22 දරණ ගැසට් පත්‍රය වනජිවි දෙපාර්තමේන්තුව ආදි රාජ්‍ය  ආයතන හා අනපණත් කොපමණ පිහිටුවා තිබුණද ඒවා කොළයට පමණක් සිමා විම වනසතුක්ගේ අභාග්‍යයි. විශේෂයෙන්ම රජයේ වනාන්තර හා රක්ෂිතවල හෙක්ටයාර් එකකටවඩා එළි කරන්නේ නම් ඊට ලිඛිත පාරිසරික අනුමැතියක් ලබා ගත යුතුය.   
                                                   නමුත් එවා ක්‍රියාත්මක විමක් නම් දක්නට නොමැත. දේශපාලන උවමනාවන් මත අද ලංකාව් විශාල වශයෙන් වනාන්තර කප්පාදුවක්  සිදු කොට ඇත. මිට කදිම නිදසුන වන්නේ ව්ල්පත්තුවේ සිදුවන්නාවු මහා වන සංහාරය දැක්විය හැකිය. අලින් හා මිනිසුන් අතර සිදුවන්නාවු ගැටුමට විසදුමක් ලෙස විදුලි වැට ගැසිම ක්‍රියාත්මක වුවත් එය ඉදි කරනුයේ වන අලින් ගමන් ගන්නා මාර්ග අලිමංකඩවල් ගම්මාන හරස් කමින්ය. එසේම එවා හරිහැටි නඩත්තු කිරිමක්ද සිදුව නම් නැත එම නිසාම මෙම ක්‍රමය ගල්ගමුව තුළදි නම් අසාර්ථක වි ඇත. එසේම වන අලින් බලෙන් රැගෙන ගොස් වේනත් ස්ථාන වලට ගාල් කරනු ලබයි මේය අසාර්ථක ක්‍රමයක් ලෙස පරිසරවේදින් පවසයි ඊට හේතුව වන්නේ ශක්තමි ත් ජාන නැවත බෝවිම සිදු නොවන නිසාය.
                              වර්ථමානයේ වනජිවි දෙපාර්තමේනතුවේ ඇති අඩුපාඩු කිහිපයක් දැකිය හැකිය. අලි සංරක්ෂණය හා  කළමනාකරණ ප්‍රතිපත්ති හරිහැටි ක්‍රියාත්මක නොවිම,ඉවක් බවක් නැතිව විදුලි ලැටවල් ගැසිම හා එවා නඩත්තු නොකිරිම,හානිදායක වන අලි රැදවුම් කදවුරු අක්‍රිය විම අලි ඇතුන් පිළිබදව DNA  වර්ථාවක් නොතිබිම,‌‌ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ අවධානයට අලි ඇතුන් ලක් නොවිම දැක්විය හැකිය. නමුත් දැන් ඇති තත්වය තුල වන අලින් ආරක්ෂා කරගැණිමට වහාම සක්‍රිය ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. පිටරටවල මෙම අලි ගැටලුවට සාර්ථක විසදුම් ක්‍රියාත්මක කොට ඇත ඉන්දියාවේ ගම්මාන ආශ්‍රිතව කොටින්ගේ හඩ පටිගත කොට අවට ගම්මාන අවට මුදා හරියිි. බොට්ස්වානාවල අලින් ලම්නැදිම වැලැක්විමට අලිබෙටිවලට මිරිස් කුඩු කලවම් කර ඊට භූමිතෙල් දමා ගිණිතබා දුම් ගැසිම සිදු කරනු ලැබේ. මේවැනි ක්‍රම මගින් ඔවුන් අලි පාලනය කිරිමක් සිදු කලත් ලංකාව තුල එවැනි ක්‍රමවේදයක් දක්නට නොලැබේ.
                                         වර්ථමානයේ වැඩි වශයෙන් අලි වේඩි භාවිතා කලත් වෛද්‍යවරුන් පවසන්නේ අලින් වැඩි වශයෙන් බිහිරි වන බවයිි. එම නිසා වර්ථමානයේ ලංකාවට අවශ්‍ය කරන්නේ පිරිසරිකමය විසදුමක්ය මේහිදි ගත හැකි පාරිසරික විසදුම් කිහිපයක් දැක්විය හැකිය. අනවසර වගාබිම් ඉවත් කොට වනසතුන්ට ලබා දිම ගම්මාන, අවට මි මැසි ජනපද ආරම්භ කිරිම, අලින් අප්‍රිය කරන හන වැනි කටු සහිත ශාක මගින් ජිව වැටවල් නිර්මානය කිරිම, වනාන්තරවල ජලාශ හා තෘණ වර්ග වගා කිරිම ආදි වු ක්‍රමවේදයන් භාවිතා කිරිමට පාලකයන්ට හැකියාව ලැබේ. නම් මිට වඩා සාර්ථක ප්‍රතිථිල ලබා ගත හැකිය. අලි ඇතුන් ලග තබා ගැණිම තහනම් කළ යුතුය. අලිමංකඩවල් නිදහස් කළ යුතුය. අලින් ඝාතනයට මරණ දඩුවම ලබා දිය යුතුය. අලි ආරක්ෂා කිරිමට නවීන ශිල්ප ක්‍රම භාවිතා කල යුතුය.  නමුත් මේවා බිහිරි අලින්ට විනා වයන්නක් බදුව ඇත. තම බිලිදුන් පවා මරා දමන රටක අලි ඇතුන්තේ ජිවිත මුදලට වේන්දේසි විම මා අරුමයක් ලෙස දකින්නේ නම් නැත. 

Tuesday, July 30, 2019




                                               ගැට කිඹුලන්


           ඉහත ඡායාරූපයේ සිටි‌න  විශාලත්වයෙන්  පළමු තැන ගන්නා ගැට කිඹුලා‌  ගේ  විද්‍යාත්මක  නාමය වන්නේ crocodylus porosus ලෙසය.සෝල්ටීස් කියා කෙටියෙන්  ඉංග්‍රීසී භාෂාවෙන් හඳුන්වයි. සිංහල භාෂාවෙන් ගැට කිඹුලා ලෙස හඳුන්වයි. මොවුන්ව ශ්‍රී ලංකාව ඉන්දියාවේ නැඟෙනහිර වෙරළ තීරයල ගිනිකොන ආසියාවල උතුරු ඕස්‌ටේ්‍රලියාව යන රටවල ජීවත් වෙයි. 
                                          හැල කිඹුලන් ගේ හොම්බ මෙන් දෙගුණයක්‌ පමණ දිගින් යුත් හොම්බක්‌ ගැට කිඹුලන්ට ඇත. තද කොළ පැහැති කළු වර්ණයෙන් යුත් පිට පෙදෙසක්‌ ඇති ගැට කිඹුලා ගේ ශරීරය මැද පෙදෙසේ තැනින් තැන කහ පැහැති තිත් දක්‌නට ලැබේ. බඩ පෙදෙස හෙවත් උදර පෙදෙස ළා කහ පැහැයක්‌ ගනී. හැල කිඹුලා ගේ දෑස්‌ පිහිටීමට වඩා මඳක්‌ ඈත් ව දෑස්‌ පිහිටා ඇත. තියණු පෙනීමක්‌ ඇති බැවින් ගොදුරු හඳුනා ගැනීමට හැකියාවක්‌ ඇත. 
                                   ගැට කිඹුලා කන්දක්‌ ආකාරයට කූඩුව සාදන අතර ඒ සඳහා පස්‌, කෝටු, කැබැලි හා කොළ රොඩු යනාදිය භාවිත කරයි. වරකට බිත්තර 40ත් 80ත් අතර ප්‍රමාණයක්‌ දමයි. බීජෞෂණ සමය දින 80ත් 100ත් අතර වෙයි. හොඳින් වැඩණු පිරිමි ගැට කිඹුලකු බරින් කිලෝ ග්‍රෑම් 409-1000 අතර ප්‍රමණයක්‌ වෙයිග දිගින් මීටර් 4.1-5.5 අතර ප්‍රමණයක්‌ වෙයි. කුඩා මත්ස්‍යයන් ගේ සිට විශාල ක්‍ෂීරපායි සතුන් දක්‌වා වූ ජීවීන් ගැට කිඹුලන් ගේ ආහාරයට අයත් වෙයි. ශ්‍රී ලංකාවේ නිල්වලා ගඟ, වලවේ ගඟ, බොල්ගොඩ ගඟ සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධතියක්‌ වන බෙල්ලන්විල, අත්තිඩිය වගුරුබිම, යාල, විල්පත්තුව, ගල්ඔය යන ජාතික වනෝද්‍යාන ආශ්‍රිත බොහෝ ජලාශ්‍රිත ප්‍රදේශවල ගැට කිඹුලන් සුලබව දක්‌නට ලැබේ. හොඳින් වැඩුණු ගැට කිඹුලකුට මී හරකකු වැනි විශාල ක්‍ෂිරපායි සතකු ඩැහැගෙන යැමට අපහසුවක්‌ ‌නොවේ. අතිශයින්ම දරුණු වගේම ඉතාමත් නිවැරදි ඉලක්ක ලබාගන්න විලෝපිකයෙක් ‌ලෙස ගැට කිඹුලා දැක්විය හැකිය. 
          මොවුන් නිරන්තරයෙන්ම සතුන් ගැවසෙන දිය බොන ස්ථානයන් නිරීක්ෂණය කරමින් සතුන්ගෙ හැසිරීම අධ්‍යනය කිරීමෙන් පසු  පහර දිම සිදු කරනු ලබයි.  ලංකා‌වේ ඉන්න අනෙක් විශේෂය නම් මෙතරම් විශාල වන්නෙ නැත. ඔවුන්ව හඳුන්වන්නේ හැල කිඹුලන් ලෙස mugger crocodiles වේ. මිලියන ගනනාවකට දිවෙන ප්‍රාග්ඓතිහාසික යුගයන්වල සිටම මේ විශේෂයන්ගේ ආදිතමයන් දැරූ දඩයම් උපක්‍රම එතරම් දුරකට වෙනස් වෙලා නැහැ ඊට හේතුව වන්නෙ ඔවුන් එතරම්ම සාර්ථක දඩයම්කරුවන්  විමයි.

Sunday, July 28, 2019


                               මාධ්‍ය  කළමනාකරණය

    
                                                     
                                                    මාධ්‍යය  කළමනාකරණය යනු යම් සමාජයක අවශ්‍යතා හා  සපුරාගැනීමට මාධ්‍ය ආයතන විසින් විරළ සම්පත්  භාවිතා කරන අයුරු අධ්‍යයනය කරනු ලබන විෂය කාණ්ඩයක් වේ. එසේත්    නැතිනම් මාධ්‍ය ආයතන ඵලදායීව හා එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට භෞතික හා මානව සම්පත් ක්‍රමානුකූලව භාවිතා කිරීමේ ක්‍රමවෙදය වේ. මෙම මාධ්‍ය  කළමනාකරණ සංකල්පය  1990 ගණන් වන විට ලොව පුරාම පරිණත පරිණතභාවයට පත්වු අතර මෙය ඉගෙන ගැනීම සඳහා උපාධි පාඨමාලා ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ සඟරා ශාස්ත්‍රීය සංගම් ආදිය පවා බිහිවිය. 
            අද වන විට මෙය ඇමරිකාව හා යුරෝපය පදනම් කරගත් ලොව පබොහෝ පුරා ව්‍යාප්තව පවතී. මේ සමගම පසුගිය වසර කිහිපය තුල  මාධය කළමනාකරණය සදහා විවිධ  න්‍යාය හා ක්‍රමවේදයන් වැඩි වශයෙන් වර්ධනය විය. පුුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය, චිත්‍රපට, සගරා, වෙළඳ දැන්වීම්, කෙටි පණිවිඩ හා අන්තර්ජාලය ආදී කර්මාන්ත වල ක්‍රියාත්මක වන සියළුම මාධ්‍ය ආයතන වල ව්‍යාපාරික අංශය මෙම මාධ්‍ය කළමනාකරණ සංකල්පය භාවිතා කරනු ලබයි. ඒ අනුව මාධ්‍ය ආයතනවල අරමුණු ඉටුකර භාවිතාවන උපායමාර්ග කාර්යමණ්ඩල මෙහෙයුම් අලෙවිකරණ මූල්‍ය හා ව්‍යවසායකත්වය ආදිය මෙම ක්‍රමවේදය  භාවිතා කරයි අද වනවිට මාධ්‍ය කළමනාකරුවන්ගේ භාවිතය වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත.මාධ්‍ය කළමනාකරණය වර්තමානය වන විට ප්‍රධාන  භූමිකා දෙකක් යටතේ විකාශනය වීම සිදු ව ඇත මාධ්‍ය 

01ආයතන කළමනාකරණය.
02මාධ්‍යවේදීන්ගේ ජීවිතය කළමනාකරණ .
      
          මාධ්‍ය ආයතන කළමණාකරනය යනුවෙන් අදහස් වන්නේ එම මාධ්‍ය ආයතන වල බාහිර හා අභ්‍යන්තර සැකැස්ම වඩාත් පලදායිව හා ක්‍රමානුකූලව සකස් කිරීම මගින තම අරමුණු කරා යාමයි මාධ්‍යවේදීන්ගේ ජීවිතය කළමනාකරණය තුළ සිදු වන්නේ  ඒ ඒ පුද්ගලයාගේ මාධ්‍ය ජීවිතය අර්ථවත් ලෙස  ක්‍රමානුකූල හැඩ ගස්සවා ගැණිම අධ්‍යයනය කිරීම මෙමගින් සිදුවේ.

මේ අනුව මාධ්‍ය කළමනා කළමනාකරණය ප්‍රධාන අරමුණු කීපයක් පවතී. එනම්

 01. අවම සම්පත් භාවිතා කරමින් උපරිම ප්‍රතිඵල වෙත ගමන් කිරීම.
 02. විනාශය හා නාස්තිය අවම කිරීම.
 03. ආයතන වල සාර්ථකත්වය සඳහා කාලය ශ්‍රමය මුදල් ආදිය ඉතිරි කර ගැනීම.
 04. විවිධ නිෂ්පාදන භාවිතා කරමින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
 05.  ආයතනික හා පාරිසරිය  ප්‍රසන්නව හා මනා සම්බන්ධීකරණයක් සහිතව නිර්මාණය කරමින් ආයතනික         සේවකයන් හට  උපරිම ලාභයක් ලැබීමට සුදුසු පරිසරයක් සැකසීම.
 
               ඒ අනුව මාධ්‍ය කළ කළමනාකරණය යන භූමිකාව  වර්තමානය වන විට විශ්වීය මාධ්‍ය කළමනාකරණය බවට පත්ව ඇත. විශේෂයෙන්ම මාධ්‍ය  කළමනාකරණය ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශීය හඳුනාගත් හැකිය.  මෙම විශ්වීය මාධ්‍ය කළමනා කළමණානාකරණ බිහිවීම සඳහා පහත සාධක විශේෂයෙන්ම බලපා ඇත.

  • විශ්වීය මාධ්‍ය ආයතන බිහිවීම.                                                                                                                                     අද වනවිට ලොව පුරා රටවල් නියෝජනය වන ආකාරයේ ප්‍රබල මාධ්‍ය ආයතනික අනුශඛා බිහිවීම උදාහරණ ලෙස නාලිකාව CCN සේවය.
  • චන්ද්‍රිකා සන්නිවේදනය වර්ධනය වීම.                                                                                                                       අතීතයේ රූපවාහිනි යන්ත්‍ර පමණක් භාවිතා වුවද වර්තමානය වන විට එය රූප රූපවාහිනිය හා ගුවන්විදුලිය විශ්වීය ලෙස වර්ධනය වී ඇත මේ සඳහා චන්ද්‍රිකා සංඥා භාවිතය ඔස්සේ වර්ධනය වි ඇත. 
  •  තාක්ෂණික  දියුණුව මත අලෙවි කරන ක්‍රමවේදයන් වඩාත් පහසු විය.
  •  දැන්වීම්  ආයතන  ජාත්‍යන්තරකරණයට ලක් වීම.
  • මුල්‍ය යැයීම මත රූපවාහිනිය හා ගුවන්විදුලිය නැරඹීමට ජනතාව හුරු වීම. 

      මාධ්‍ය කළමනාකරණයේ නව ප්‍රවණතා
           මාධ්‍ය කළමනාකරනයේ නව ප්‍රවනතාව බවට පත්ව ඇත්තේ පිරිවැය අඩුවීම මත විවිධ අන්තර්ගතය තුළ දී සිදු කරනු ලබන මුල් නර්මාණයන්ට  හඬ පට එකතු කිරීමක් පමණි එම නිසාම එ සදහා භාවිතා වන මුදල් ප්‍රමාණය ඉතා අඩුය. තවත් කරුණක් නම් පොදු ප්‍රතිපත්තියක් දැකගත හැකිවීම. දැක්විම දැක්විය හැකිය මෙහිදී විවිධ සංස්කෘතීන්වල ඇඳුම් පැලදුම් ගති සිරිත් සමාන වේ මෙම තත්ත්වයන් තුළ සන්දේශයක් වෙන් වෙන් වශයෙන්  දැක්විමට අවශ්‍ය නැත. මේ තුළ යහපත් අදහස් ප්‍රචලිත කිරිමට වඩාත් පහසුවේ.

 මාධ්‍ය කළමනාකරණයේ අභියෝගයන්

  •             සංස්කෘතික විවිධත්වය                                                                                                                                    මෙම සංස්කෘතික විවිධත්වය මාධ්‍ය කලමනාකරන ගැටළු මතු කරයි. කොරියානු නාට්‍ය සංස්කෘතිය ලාංකීය සංස්කෘතිය තරම් ගැලපීමක් නොමැත. යුරෝපා සංස්කෘතිය සමගද ගැටීමක් පවතී එසේම පුරුදු සංස්කෘතියෙන් වන සංස්කෘතියකට මුසු විමේදි නව සංස්කෘතිය පිළිනොගනි සංස්කෘතික ගැටුම් ඇති වේ. 
  • නීතිමය හා බදු සීමාවන්                                                                                                                                         රටකින් රටකට නිර්මාණ ගෙනයන විට එරට නීතිය හා බදු වලට යටත් විය යුතු වීම අනිවාර්යයෙන් සිදුවිය යුතු කරුණකි එය ගැටලුවක් බවට වර්තමානය වන විට පත්ව ඇත.
  • භාෂාවේ පවතින සීමාවන්                                                                                                                                      ඒ ඒ භාෂාව හඬ උච්චාරනය වෙනස් වේ එම නිසා හඩ කැවිම නිසිලෙස කල යුතුය  එවිට නිර්මාණයේ ගුණාත්මකභාවයට ප්‍රබල හානියක් සිදුවීෙ.

                                   යනාදි  ගැටලු වලට අමතරව නාලිකාවල විකාශන සිමා, නිෂ්පාදන පිරිවැය, පරිවර්ථන ගැටලු  ආදිය මාධ්‍ය කළමනාකරණයේදි මුහුණ පැමට සිදුවන අභියෝග වේ. වර්ථමානය වන විට මෙම මාධ්‍ය කළමනාකරන භුමකාව සමාජය තුල ප්‍රබල තලයකට පැමිණ ඇත.




                                          පරිසරය හා සිනමාව


          අද වන විට පරිසරය පිළිබඳව කතිකාවත ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය තුළ ජනමාධ්‍ය  මගින් පාරිසරික  ජෛව විවිධත්යේ ආරක්ෂාව පිළිබඳව  ප්‍රබල මතයක්  ජනතාව තුල ගොඩනැඟීමට සමත්ව ඇත. විශේෂයෙන්ම පාරිසරික සන්නිවේදනය තුල සංදේශ පාරිසරික සංරක්ෂණ වැඩපිළිවෙළ හා මිනිසා විසින් පරිසරයට සිදු කරන්නාවු බලපැම අවබෝධ කරලිම සදහා  වඩාත් වැදගත් වේ. විශේෂයෙන්ම  පරිසරය පිළිබඳව ජනතාව වෙත යම් අදහසක් ගෙන යාමේ පහසුම මග ලෙස සිනමා,රුපවාහිනිය,  ගුවන්විදුලිය යන මාධ්‍යන්ය පෙන්වා දිය යැකිය. 
         වර්තමානය වන විට රුපවාහිණිය හා සිනමා මාධ්‍ය ඔස්සේ ශ්‍රව්‍ය මෙන්ම ද්‍රශ්‍ය මාධය ඔස්සේ විවිධ වු වැඩසටහන් විකාශණය කරනු ලබයි. එම නිරිමාණයන් දේශිය මෙන්ම විදේශිය වශයෙන් හදුණාගත හැකිය. එ අනුව සිනමා මාධ්‍ය තුල ප්‍රධාන වශයෙන්
  1. වෘත්තාන්ත චිත්‍රපට.
  2. වර්ථා චිත්‍රපට.
                        යනාදි ක්‍රම වේදයන් දෙක ඔස්සේ සිනමා කරුවන් තම නිර්මාණයන් කරනු ලබයි. මෙවැනි පාරිසරික තේමාවන් රැගත් සිනමා කෘතින් සදහා 1991 සිට පාරිසරික මාධය සංගමය විසින් (EMA) වසරේ හොදම පාරිසරික තේමාව රැගත් චිත්‍රපටය සදයා සම්මානය පිරිනමනු ලබයි. මේ අනුව පාරිසරික තේමාවන් රැගත් සිනමාපට හා වැඩසටහන කිහිපයක් පිළිබද අවධානය යොමු කළ හැකිය.

Nanaok of the Naook.
මෙය නිහඬ සිනමාව යටතේ බිහිවූ නිර්මාණයකි. මෙය ඇස්කිමොවරුන්ගේ ජීවිතය අළලා සැකසූවකි මානව වංශය වාර්තාමය ලෙස ඉදිරිපත් කරන අතර මෙය  රෝබට් ජෙනාට්ගේ අධ්‍යක්ෂණයක් වන අතර විනාඩි 11 යි තත්පර 30ක කාලයක් ධාවනය වන අපුර්ව සිනමා පටයකි.

ලංකා ගීතය. 
1935 මෙම චිත්‍රපටය බැසිල් රයිඩ්ගේ  අධ්‍යක්ෂණයක් වන අතර මෙය ලංකාවේ පාරිසර පද්ධතිය  විදහා දක්වනු ලබන්වා වු අපුර්වතම සිනමා කාතියකි.

The cove.
මේය 2009 දී lusee psihoyosගේ නිර්මාණයක් වේ ජපානයේ සිදුවන අධික ඩොල්ෆින් මත්ශ්‍ය ඝාතනය සම්බන්ධව ‍තේමා වූවක් වන අතර මෙම චිත්‍රපටය මගින් ඩොල්ෆින් ඝාතනය නතර කිරීම හා තල්මසුන් මැරීම කර්මාන්තය අවම කිරිම මෙන්ම කුඩා තල්මසුන් පවා මැරීම ජනතාවට පෙන්වා දෙමින් එම සතුන් ආරක්ෂා කිරීම අරමුණු කොටගෙන නිර්මාණය වූවකි 2009 ඇමරිකානු සම්භාව්‍ය සම්මානය දිනා ගනු ලබන අතර එය මිනිත්තු 87 ධාවන කාලයක් සහිත ඉංග්‍රීසි භාෂාවෙන් විකාශනය වේ

 Deadiy deception - මාරාන්තික රැවටීම 
            මෙය 1991දී ඩේබ්රා වසෆ් විසින් නිර්මාණය කළ කෙටි චිත්‍රපටයකි විනාඩි 27 ක ධාවන කාලයක් දිවෙන අතර න්‍යෂ්ටික අවි භාවිතයෙන් පරිසර පද්ධතියට සිදුවන හානිය මූලාශ්‍ර කොට ගනිමින් නිර්මාණය කරන අතර 1992 ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුවේය 

Barning the future.
     මෙය  2008 වසරේදී ඩේවිඩ් නැවික්ගේ  නිර්මාණයක් වන අතර ගල් අඟුරු නිෂ්පාදනය හේතුවෙන් කඳුකර ප්‍රදේශවල සිදුවන පාරිසරික ව්‍යසනයන් අලලා සැකසූවකි. විනාඩි 89 ක ධාවන කාලයක් දිවෙන අතර මෙහිදී ගල් අගුරු කැණීම් සදහා බෝම්බ දැමීම විශාල යන්ත්‍ර මගින් කඳුමුදුන් හැරීම නිසා ශාක මෙන්ම සතුන්ද වද වී යාම හා භූගත ජලය විෂ වීම ආදී විවිධ ගැටලුව පාදක කොටගෙන නිරිමාණය වු අතර ලෝකයේ වනාන්තර විනාශය වළකලකාලීම අරමුණු කොටගෙන ඇත.

The Massenger.
මෙය 2015 නිර්මාණය වූ වාර්තා චිත්‍රපටය  මේය සු රනාර්ඩිගේ නිර්මාණයක් වන අතර විනාඩි 84ක ක ධාවන කාලයකින් යුක්ත වේ. ලොව පුරා සිටින විවිධ වු පෂින්ගේ ජීවන රටාව මෙන්ම ඔවුන්ගේ හැසිරීම් පාදක කොට ගනිමින් ඔවුන් ආරක්ෂා කිරීම හා සංරක්ෂණය පිළිබඳව තොරතුරු කතා කිරීම කරනු ලබයි.

Watch.
     මෙය 2001  බ්රයන් මෝටර්ස් විසින් නිර්මාණය කරන අතර විනාඩි 66 කාලයක් දිවෙන අතර මෙම සිනමා පටය මගින් කඳුකරයේ වනාන්තර විනාශ සමග පැරණි ගස් කැපීම පිළිබඳව කතාවක් කියවේ. වනාන්තර බිදවැටීම් සමග පරිසර සමතුලිතතාව ගිලිහි යයි නියඟයක් පැමිණි මේ ආදී විවිධ භාවිත විපත් ඇතිවීම නිරූපනය කරයි.

                                   එසේම පාරිසරික චිත්‍රපට අතර කල්පිත  චිත්‍රපට බිහි වේ>එනම්  සිදුවිය හැකි යැයි කල්පිත මූලික කරගනිමින් සිනමාපට නිර්මාණය වීම පසුකාලීනව එය වඩාත් ජනප්‍රිය වී ඇත එම හේතුව නිසාම සිතුවම් චිත්‍රපට වැඩි  වශයෙන් නිර්මාණය වීම  සිදුවිය  

2012.
   මෙම චිත්‍රපටය රෝලන්ඩ් ඉමරිඩ්ගේ නිර්මාණයක් වේ.  විනාඩි 158 ක කාලයක් දිවෙන අතර ඇමෙරිකාවේ තිරගත වූ මෙය මිනිස් ක්‍රියාකාරකම් නිසා පාරිසරික සමතුලිතතාවය බිඳ  වැටිම සිදුවන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්වභාවදහම විසින් විවිධ වූ විපත් පැමිණිම තේමා කරගනිමින් නර්මාණය වි ඇත. ගිණිකදු පිපිරිම් නායයැම සුනාමි ටෝනාඩෝ ගංවතුර ආදි වු විවිධ විපත් මුලික කොට ගනිමින් එහි ඇති භායනකත්වය  ජනතාවට අවබෝධ කරලීම අරමුණ සහිතව එය  නිර්මාණය කර ඇත.

Wall - E. 
    මෙය 2008දී ඇන්ඩෘ ස්ටැන්ටන් විසින් නිර්මාණය කළේය. විනාඩි 98ක ධාවන කාලයක් ඉතිරිවන අතර මිනිසාගේ අක්‍රමවත් කසළ බැහැර කිරීම නිසා මුළු පෘථිවියම අපවිත්‍ර වන අතර  2805 වන විට පෘථිවිය අපිරිසිදු ග්‍රහලෝකයක් බවට පත් වන අතර පෘථිවිය ශාක අතුරුදහන් වෙයි  Wall E නම් රොබෝවක් යළි පෘතුවිය ගොඩනැගිම හා ශාක නිර්මාණයට දරනු ලබන උත්සාහය අපූර්වාකාරයෙන් විස්තර කරනු ලබයි.

             මිට අමතරව An lnconvenient penguin,Forbidden forest,The burning season ආදි වු චිත්‍රපට මගින්ද පෙන්වා දිමට උත්සහ දරා ඇත්තේ විවිධ වු මිනිස් ක්‍රියාකාරම් වැඩි වශයෙන් මෙම පාරිසරික විනාශයට බලපාන බවයි. මෙම තත්ත්වයන් මත මිනිසාට පාරිසරික වැදගත්කම අවබෝධ කරවිමටත් උත්සාහ දරා ඇත .පරිසරය අපව අරක්ෂා කරයි අපිත් එසේ කල යුතුය. නැතිනම් පරිසරය විසින්ම මිනිසා විනාස කිරිම සිදු කරනු ලබයි මේ අකාරයට සිනමා මාධය උපයෝගි ජනතාට පැහැදිළි පණිවිඩයක් ලබා දිමට උත්සහ ගෙන ඇති පැහැදිළි වේ.





                                                         
                                             ජිවිතයට ඔව
නක්.

                                   එක්තරා දවස්ක කුණු ගොඩක තම ජීවිතය බේරා ගැනීමට දඟලන සර්පයෙක් දෙස මිනිසුන් බලා සිටියේ එම සතා බේරාගැනීමට ගියහොත් එම සර්පයා ඔවුන්ට දෂ්ට කරයි යන බියෙනි. නමුත් එතැනට පැමිණි එක්තරා මනුස්සයෙක් අනෙක් මනුෂ්‍යයෝ එපා කියද්දි එම සතා බේරාගැනීමට සතාගේ වලිගයෙන් අල්ලා ඉහලට එසවනු නමුත් බයට පත්ව සිටි සර්පයා ඔහුගේ අත සපා කයි. එම වේදනාව දරා ගැනීමට නොහැකි වුණු ඔහු අතින් නැවත එම සර්පයාව ගිනි ගොඩට ම අතහැරේ.  
                                 ඒ විගසම ඔහු අසල තිබූ ළියක් ගෙන එන අතර එය දකින සියල්ලන්ම හිතන්නේ ඔහුගේ අත සපාකෑ නිසා එම සර්පයාව මරන්න යන බවයි. නමුත් සිදුවූයේ වෙනස්ම දෙයකි. තමා ලීයෙන් ගිනි ගොඩෙහි දගලමින් සිටියේ සර්පයා මුදවාගෙන කැළයට මුදා හරිනු ලබයි. එය දකින සියල්ලන් ම ඔහුගෙන් අහන්න එකම ප්‍රශ්නයකි. ඒ සර්පයා දෂ්ට කරලා තිබියදීත් මරලා දාන්න පුළුවන්කම තියෙද්දී ඇයි ඒ සතා බේරාගත්තේ යන්නයි. එවිට ඔහුගේ පිළිතුර වුයේ  “සර්පයෝ දෂ්ට කරනවා ඒ ඔවුන්ගේ හැටි මම මගේ මනුස්සකම පෙන්නුවා එච්චරයි”


                              වෙනත් අයෙකුගේ  නොහොබිනා ගති පැවතුම් ඉදිරියෙහි අපිත් ඒ විදිහට හැසිරෙන් ගියොත් සිද්ධවෙන්නේ අපිත් හොබිනා පුද්ගලයකු බවට පත් විමයි.  ඒ ඒ පුද්ගලයන් වෙනස්ය ඔවුන්ගේ  ඉදිරියේ ඔබ ඔබේ හොඳ ගතිගුණ වෙනස් කරගත් යුතු නැත. ඔබ ඔබේ හෘදසාක්ෂියට එකඟව වැඩ කරන්න අනෙක් අය ඔබ ගැන සිතන අකාරය ඔබට වැඩක් නැත. හැකි සැම විටම අනෙකාට උදවු කරන්න. හොදක් කළ හොත් ඔබට අවංකවම සතුටක් ලැබිය හැකිය. 



Saturday, July 6, 2019



                              දකුණු අප්‍රිකාණු පුවත්පත් කලාව


                       

පුවත්පත යනු ලිඛිත ප්‍රකාශනයකි. එ තුල ප්‍රවෘත්ති තොරතුරු ‌වෙිළද දැන්විම් ප්‍රධාන කරගත් තොරතුරු මුදාණය කිරිම කරනු ලබයිි. එ අනුව දකුණු අප්‍රිකාණු පුවත්පත් කලාව පිළිබදව කතා කිරිමේදි එය ප්‍රධාන වශයෙන් ඇපාතයිඞ් පාලන සමය හා ඔහුගේන් පසු යුගය ලෙස කොටස් දෙකකට බෙදනු ලබයි.

    ඇපාතයිඩ් පාලන සමය තුල පුවත්පත දැඩිව රාජ්‍ය පාලනයට නතුවු අතර ප්‍රබල වාරණයක් ක්‍රියාත්මක විම දක්නට ලැබුණු අතර එ තුල දේශපාලන හා ජාතික ආරක්ෂක ගැටලු පලකල නොහැකි විය තහනම් කල පුද්ගලයන් හා සංවිධාන පිළිබදවද තොරතුරු පලකල නොහැකි අතර රජය අනුමත කිරිමේන් පසුව පමණක් පුවත්පත තුල තොරතුරු මුදාණය කිරිම සිදුකල හැකි විය.

               දකුණු අප්‍රිකාවේ වර්ණ බේදවාදයට ගොදුරු වු රටක් වු අතර එය ක්‍රමාණුකුලව තුරන් විමේන් අනතුරුව පුවත්පත් මාධ්‍ය 16 හා 19 සියවස් වල රාජය පාලනයෙන කෙමින් කෙමින් ව්දිම සිදුවන අතර පුවත්පත නිදහස් ලෙස තොරතුරු පල කිරිමට අවස්ථාව උදාකරගනු ලැබිය. එ අණුව පුවත්පත මාධ්‍ය තුල පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රාජ්‍ය දුෂණ වංචා පිළිබදව සත්‍ය තොරතුරු පල කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කිරිම සිදු කලේය එ අනුව දකුණු අප්‍රිකාණු පුවත්පත් කලාව ආරම්භ වනුයේ ලංදේශි හා ඉංග්‍රිසි සම්ප්‍රප්තිය සමගින්ය ඉංග්‍රිසින් විසින් විවිධ රටවල සුදු ජාතිනයන් අතර තොරතුරු හුවමාරු කරගනු ලැබු‌වේ පත්‍රිකා මගින් ය ඒ්වා ඉංග්‍රිසි භාෂා‌ෙවේන් මුදාණය වු අතර මෙමගින් දකුණු අප්‍රිකාව තුල ඉංග්‍රිසියෙන් පුවත්පත් මුදාණය විමට පසුබිම සැකසිය. පසුව දකුණු අප්‍රිකාවට ලංදේසින්ගේ ලැමිණිම සිදුවන අතර ඔවුන් විසින්ද පුවත්පත් ආරම්භ කිරිම සිදුකලේ ය. එ අනුව ලංදේසි බසින් 1828 දි කේප් ටවුන්හිදි ඩයිසුවිඞ් අප්රපන් නමින් පුවත්පතක් මුදාණය කරනු ලැබිය.

එසේම ඉංග්‍රිසි විසින්ද පුවත්පත් මුදාණය කරමින් ප්‍රකාශයට පත් කිරිම ‌වේගවත් වු අතර එ තුල 1857 දි කේප් ආර්ගස් හා 1876 දි කේප් ටයිම්ස් යන පුවත්පත් ප්‍රකාශයට පත්විය. එ අනුව රට පුරා ඉංග්‍රිසි භාෂාව වර්දනය වන අතර ඉංග්‍රිසි පුවත්පත් රැසක් බිහිවිය.

1846-නෙටර් මර්කරි-
1852-ඬේලි නිවුස්
1854-ඇග්රස්
1857-ඬේලි ඩිස්පිට්
1872-කේප් ටයිම්ස්
1876-ඩයමන්ඞ් ෆීල්ඞ්ස් දැන්විම්කරු
1902-රන්ද ඬේලි මේල්

      ආදි වු ඉංග්‍රිසි පුවත්පත් පුවත්පත් බිහි විම දක්නට ලැඛිය නමුත් 18,19 සියවස් ආරම්භ විම සමග දකුණු අප්‍රිකාව තුල අප්‍රිකාණු භාෂා‌ෙවේන් පුවත්පත් මුදාණය විම ආරමිභ විය. එතුල 1884-ඉම්ඩෝ බැරන්යුනු,1904-ඉලංගා ලෝසා ද 1937 දි ට්රන්නෝල් හි පර්සොක් පුවත්පතද බිහිවිිය. මෙම පුවත්පතු මගින් දකුණු අප්‍රිකාණු සංස්කෘතිය හා භාෂාව ප්‍රවර්ධනය කිරිම දක්නට ලැබිය.

        පසුව රට තුල මෙම කාලවකවානුව තුළ වර්ණ භේදවාදය උස්සන්න විමත් සමග ඉංග්‍රිසි භාෂාවෙින් සතිපතා තැපල් හා ඉරිදා ජාතිය ආරම්භ විය. එසේම අප්‍රිකාණු vrye weekblad බිහිවිය. මෙම පුවත්පත් විකල්ප පුවත්පත් ලෙස හැදින්විය. එසේම මෙමගින් ඇපාතයිඞ් පාලනය ප්‍රබල ලෙස විfවිචනය කිරිම සිදු කලේය මේ අකාරයට දකුණු අප්‍රිකාව තුල මුදාිත මාධ්‍ය වර්ධනය වන අතර එය පුවත්පත්,වාර සගරා,වාර ප්‍රකාශන 5000 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය විම සිදුවනුයේ ඇපාතයිඞ් පාලන සමය අහොසි විම හා නිදයස් මාධ්‍ය කලාව බිහිබිිමත් සමගය එ අනුව රට පුරා පුවත්පත් රාශියක් බිහිවන අතර 1981 දි සොව්ටාන් නමින් පුවත්පතක් සෝවෙටෝ හා ජොහැනිස්බර්ග්  යන නගර තුලදිය දිනකට පත්තර 200-000-250-000 අධික සංඛ්‍යාවක් රට පුරා සිසරණය වෙි. පසුව දෛනික අප්‍රිකාණු භාෂා පත්තරයක් වන බෙල්ඞ් හා ඩි බර්ගර් කේප් ටවුන්හි ප්‍රකාශයට පත්විය එවා දිනකට 100-000-125-000 ප්‍රමාණයක් සංසරණය විය එසේම ජොහැනිස්බර්ග් හි ඉංග්‍රිසි පුවත්පතක් වන සන්ඬේ ටයිම්ස් බිහිවන අතර එය දකුණු අප්‍රිකාවෙි විශාලතම හා බලපැමක් සහිත පත්තරයක් විය. පසුව ප්රෝටෝරියා නිවිස්,ක්‍රීඩා ට්රිබියුන් ප්‍රබල මාධ්‍ය වන ටීමා මාධ්‍ය,ඇසෝසියේටඞ් නිවිස්පේපර්,ව්‍යාපාර දිනය,සන්ධ්‍යා තැපල් සේවය ආදිය රටපුර ජනප්‍රිය පුවත්පත් ලෙස දැකගත හැකිය.
        අප්‍රිකන් භාෂා‌ෙවේන් නයිසියෙල්පර්ස් පුවත්පත ද අතිශය ජනප්‍රිය විය. මෙම අකාරයට දකුණු අප්‍රිකාවේ පුවත්පත් මාධ්‍ය ක්‍රමිකව වර්ධනය විම සිදුවන අතර වර්ථමානයේ දි ප්‍රධාන පළාත් මුලික කරගෙන පුවත්පත් ඛිහවිිම සිදුවන අතර පුවත්පත් හා සංස්කාරක fවිදින් මුදාිත මාධ්‍ය සම්බන්ධව අධික නිදහසක් භූක්ති විදිම දක්නට ලැබේයි. දකුණු අප්‍රිකාව තුල ප්‍රධාන වශයෙන් රටේ එ එ පළාත් පදනම් කොටගෙන පුවත්පත් මුදාණය විම සිදුවන අතර ප්‍රදේශිය මට්ටමින් පුවත්පත් ගණනාවක් රට පුරා සංසරණය විම සිදු‌ වේ.

ජාතික පුවත්පත්
බීල්ඞ්
ව්‍යාපාරික දිනය
සිටි මුදාණාලය
ඬේලි සන්
ක්වෙලෙක්ස්ටර්
තැපල් හා ආරක්ෂනයා
නවීක් බීඩිඞ්
නිව් ඒජ් 
වාර්තා
පාපන්දු ලඩුම
සොන්ඩග් 
සොව්ටාන්
ඉරිදා ස්වාධිනව 
ඉරිදා සන් 
සන්ඬේ ටයිම්ස් 
සන්ඬේ වර්ල්ඞ් 
ගුරුවරයා

නැගෙනහිර කේප්
  Go,Express
ග්රොකොට්ගේ තැපැල් 
හෙරල්ඞ්
සති අන්ත තැපැල්
නිදහස් රාජ්‍ය
කලා යා රොනා 
ඩෙමෙලැන්ග්වේස්
ඉන්ඩිගෝ මැග්
 saterdag volkblad
ක්‍රිඩා අක්ෂරය
volksblad
සතිපතා
නිදහස් රාජ්‍ය සුර්යයා
නිදහස් රජ්‍ය පුවත්
නිදහස් රාජ්‍ය ටයිම්ස්
නිකුත් කිරිම
Vista
එක්ස්ප්රස්

උතුරු කේප්
ඩයමන්ඞ් ෆිල්ඞ්ස් Advertisers
පොස්මාස්බර්ග් ලේඛනය

ගැටැන්ග්
පුරවැසියා
සොව්ටාන්
යෝබ්ගේ ටයිම්ස් 
ජොසි ක්රොනිකල් 
ප්රිටෝරියා නිව්ස් 
ප්රිටෝරියා නිව්ස් සති අන්ත 
සෙනසුරාදා තරුව 
ටයිම්ස්
මාපමාලංග
දිනපතා පුවත්
ශිවාෆි
ඩයිලි සන්
රිජ් ටයිම්ස්
බුලටින්

ක්වුසුලු-නටා 
ඬේලි නිව්ස් 
ඉලංගා
ඉලංගා ලැන්ග්සොන්ටෝ
සෙනසුරාදා නිදහස 
ඉසෝලෙස
මර්කරි
තැපැල් 
නැගි එන හිරු 
ඉරිදා ට්රිබියුන 
සති අන්ත සික්ෂිකරුfවික් 
සාක්ෂිකාරාය
බටහිර කේප්
කේප් ආර්ගස් 
ඛ් බර්ගර් 
කේප් ටයිම්ස් 
දෛනික හඩ 
දිස්ත්‍රික් තැපැල 
ඩී
වකුණි
වෙස්කියුනස්
වෙස්ලන්ඞ්

ශිෂ්‍ය පුවත්පත් 
සක්‍රීය කරන්නා - රෝඞ්ස් විශ්ව විද්‍යාලය
කොන්ඩියුට් -ඩර්බන් තාක්ෂණ විශ්ව විද්‍යාලය
Joumalismiziko- ඩර්බන් තාක්ෂණ විශ්ව විද්‍යාලය
IRAWA - පශ්චාත් නිදහස් රාජ්‍ය විශ්ව විද්‍යාලය 
ඛ් මනිය -ස්ටීවන්බොෂ් විශ්ව විද්‍යාලය
නක්ස් - ක්වාසුලු නටල් විශ්ව විද්‍යාලය
ඔපිපීඞ් ප්රොස ්- රොඬේස් විශ්ව විද්‍යාලය
Perdeby - පෙරොටෝරියා විශ්ව විද්‍යාලය
විශ්ව විද්‍යාලය - කේප් ටවුන් විශ්ව විද්‍යාලය
නයඞ් - වයඔ විශ්ව විද්‍යාලය

ප්‍රදේශිය පුවත්පත්
මෙම ප්‍රදේශය පුවත්පත් විශාල නගර වල කුඩා නගර වල හා ප්‍රදේශිය මට්ටමි පිරිස් අතර සංසරණය විම සිදු ‌වේ.
ඇල්බර්ටන් වර්තාව 
ඇලෙක්ස් නිව්ස් 
අත්ලාන්තික් සන්
බාබර්ටන් ටයිම්ස්
බේ වොච් 
බෙනෝනි ටයිම්ස්
බෙරි මේල් 
බ්ලුමේනස්  
බෝක්ස්බර්ග් ප්‍රචාරක
බොලන්ඩර්
බොස්වේලර්
බ්රෝකන් හෙරල්ඞ්
ඩලර්
දිස්ත්‍රික් තැපැල්
ප්‍රතිමාවේ
මණ්ඩලය
හයිව්වේල් හඩ
මහා මාර්ග තැපල්
ශිලුවත්
අඩුයි
තැපැල්
මැලුති

          ආදි පුවත්පත් රාශියක් දකුණු අප්‍රිකාව පුරාම මුද්‍රණය ව්ම සිදුවන අතර ඒ් ඒ් ප්‍රදේශ වල ජනතාව එම පුවත් පත් සදහා කැමැත්තක් දැක්විම සිදු ‌වේ. ‌මේවන් ත්ත්වයක් තුල දකුණු අප්‍රිකාණු පුවත්පත් කලාව ප්‍රබල ස්ථායක පවතින අකාරය හදුණා ගත හැකිය.