Monday, November 18, 2019

              

          මල් කැකුළු නසන බාල මාධ්‍ය භාවිතය

                             ළමයා“අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය” යනුවෙන් අර්ථ දැක්වීමක් ඇත. එසේම ළමයින් පිළිබඳ යුනිස්කෝව අර්ථ දක්වන්නේ “ලෝකය දෙස කුතුහලයෙන් බලන ඕනෑම කෙනෙකුට නම්මවා ගත හැකි ආදරය අපේක්ෂා කරන කුඩා වුන්” හැටියටය. ළමයා  යනු ලපටි පැලයකි. නැතහොත් මැටි ගුලියකි. මෙලෙස පවසන විට ඔබ සිතන්නට ඇත මා ළමයා හාස්‍යයට ලක් කිරීමට දරන උත්සාහයක් ලෙසටය. නමුත් එය එසේ නොවේ. යථාර්තය නම් මේ කුඩා ලපටි පැලය රසවත් එළ දරන වෘක්ෂයක් වන්නටත්, මැටි ගුලිය අලංකෘත කැටයම් වලින් නිර්මිත බදුනක් වන්නටත් ඊට ලැබෙන බාහිර සාධක බලපානු ඇත. පැලයක් නිසි ලෙස වැඩීමට නම් ජලය, පොහොර, හිරු එළිය ආදියද මැටි ගුලිය ප්‍රාණවත් වීමට නම් ජලය, සකපෝරුව මෙන්ම අත් ගුණයද අත්‍යවශ්‍ය වේ. මේ අයුරින් ළමයාට ද කුඩා අවධියේ සිටම  සමාජය තුළ හොඳ පුරවැසියකු වන්නට මුල් අඩිතාලම වැටෙන්නේ ඔහුට හෝ ඇයට ලැබෙන බාහිර සාධක නිසාය.
ළමයා පිළිබඳව වර්තමානයේ වැඩිහිටි සමාජය තුළ දැඩි කතාබහකට ලක්වූ මාතෘකාවක් නම් මාධ්‍ය තුළින් ළමයාට සිදුකරනු ලබන බලපෑම පිළිබඳවයි. අද වන විට සමාජයේ ප්‍රබල බලපෑමක් කළ හැකි අවියක් බවට මාධ්‍ය ඇත. එම නිසා මෙම කාරණාව තුලනාත්මකව නිරීක්ෂණය කළ යුත්තක් බවට පත්ව ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාව ආසියාතික රටක් වශයෙන් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ගත් විට මෙම රටවල මාධ්‍ය භාවිතය සතුටුදායක මට්ටමක පවතින ආකාරයද දැකගත නොහැකිය. මන්දයත් ජනතාවට මාධ්‍ය තුලින් තමන්ට අවශ්‍ය අනවශ්‍ය කුමක්ද යන්න තොරා බේරා ගැනීමේ නොහැකියාවක් උද්ගතව ඇත. මේ තුළ ළමා පරපුර මෙම මාධ්‍ය වල ගොදුරු බවට පත්ව තිබීම ඉතා කනගාටුදායක තත්වයකි.
                        
අද වනවිට මාධ්‍ය අතීතයට සාපේක්ෂව වර්තමානය වන විට වැඩි වර්ධනයක් අත් කරගෙන සිටි. එය වර්තමානයේ  විද්‍යුත් මාධ්‍ය , මුද්‍රත මාධ්‍ය හා නව මාධ්‍ය වශයෙන් ප්‍රධාන ධාරා ත්‍රිත්වයක් යටතේ ලෝකය තුළ ප්‍රබල භූමිකා රංගනයක යේදිම සිදුවේ. ඒ අතරින් වර්තමාන වන විට නව මාධ්‍ය ප්‍රබල බලපෑමක් කිරිම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාව තුළ දරුවන්ට මුලින්ම පොත් පත් හා පුවත්පත් පරිශිලනය කිරීමේ අවස්ථාව උදා වුනි. එදා සමාජය ප්‍රබල සංස්කෘතික බැදිම් හා ආචාරධර්ම අගයන මාධ්‍යවේදයකින් ඇරඹි පුවත්පත් අතර ළමා පුවත්පත් පමණක් දරුවන් අතට පත්විම සිදුවිය. පසුව කෙමින් කෙමින් ගුවන්විදුලි පැමිණිම සිදුවිය. එ සමග හරවත් වැඩසටහන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් විය. එසේම අද මෙන් විශාල චැනල් ප්‍රමාණයක් දක්නට නොතිබුණු අතර රාජ්‍ය නාලිකා පමණක් විය. නමුත් වර්ථමානයේදි නම් දක්නට ලැබෙන්නේ හතු පිපෙන්නාක් මෙන් බිහිවු විශාල නාලිකා ප්‍රමාණයකි. එවා තුළින් වර්ථමානයේ ළමයාට උචිත වු වැඩසටහන් මාලාවක් විකාශනය නම් දැකගත නොහැකිය. බොළද වදන් සහිත වු කිසිදු වැඩකට නැති පල්හෑළි දොඩවයි. භාෂාව පවා විකෘති කොට ඇත. මෙවන් තත්ත්වයක් හමුවේ ළමයාට අර්ථවත් දෙයක් ගුවන්විදුලියෙන් ලබා දෙන අකාරයක් දැකගත නොහැකිය. 
                           
 පසුව රුපවාහිණි මාධය ලංකාවට පැමිණිම සමග එය  ජනතාව අතර කෙටි කලක් තුළ අතිශය ජනප්‍රිය විය. මෙම හේතුව නිසාම රාජ්‍ය මෙන්ම පෞද්ගලික වශයෙන් නාලිකා රැසක් සමාජය තුළ බිහිවිය. වර්ථමානය වන විට මෙම රුපවාහිණිය ළමයාගේ ප්‍රබල සතුරකු බවට පත්ව ඇත. මන්දයත් වර්තමානයේ මාධ්‍යයේ අරමුණ වී ඇත්තේ මුදල් සෙවීම පමනයි. අද වැඩසටහන් වල ගුණාත්මකභාවය පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වයි. එ බව අපේ වැඩිහිටියන්ට තේරුම් ගැනීමට නොහැකි වීම නම් ඉතාම කනගාටුදායක තත්ත්වයකි. වර්තමානය වන විට ඉන්දියානු මෙගා නාට්‍යවලට අපේ දෙමව්පියන් යොමුව හමාරය. අද වන විට සෑම ගෙදරකම මව කලින්ම ගෙදර වැඩ අස්පස් කර  රූපවාහිනිය ඉදිරිපිට වාඩි වේ. එය ආදර්ශයට ගනිමින් හයක් හතරක් නොදත් තම දරුවන්ද එය එබ්බැහි විම සිදුවේ. මෙහි ඇති බරපතළකම දෙමාපියන්ට තවමත් හරිහැටි අවබෝධ වූ ආකාරයට නොහැකිය. මෙම නාට්‍ය වලින් දරුවන්ට මෙන්ම මාපියන්ටද ගතහැකි දෙයක් නම් නැත. මෙවන් තත්ත්වයක් හමුවේ මවට තම දරුවාට තහංචියක් පැනවිය නොහැකි තත්ත්වයට අද පත්ව ඇත.
                             
අද වන විට නව මාධ්‍ය යන සාධකය ළමා මනස විකෘති කිරීමට ප්‍රබල බලපෑම් සිදුකරනු ලබයි. විශේෂයෙන්ම පරිගණකය, අන්තර්ජාලය මෙන්ම දුරකථනය ආදී ක්ෂේත්‍රවල සිදුවු වර්ධනය සමග නව මාධ්‍ය නැඟීම් වර්ධනය විය. අද වන විට  දෙමවුපියන් විසින් සිදුකරනු ලබන විශාලතම වැරැද්දක් වන්නේ දරුවන්ට කුඩා අවධියේ සිටම දුර්කථනයක් පරිගණකයක් රැගෙන දීමය.  කුඩා අවධියේ දරුවෙකුට එමගින්  සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගත නොහැකිය. ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොමැත. මේවා දරුවන්ට රැගෙන දීම මාපියන් විසින් සිදුකරනු ලබන විශාල වැරැද්දකි.
                                 
පාසල් යන දරුවන්ට දුරකථනයක් රැගෙන දුන් විට ඔහු කරන්නේ face book, you tube, whatsapp, vibar වැනි සමාජ ජාල මාධ්‍ය භාවිතා කිරීමකි. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපන කාලය ඒවාට නිකරුනේ යොදවයි. දරුවා දුරකථනයට පරිගණකයට පමනක් කොටු වේ. ක්‍රීඩාවට සමාජ ආශ්‍රයට යොම නොවේ. ඔහු මුළු ගැන්වීම සිදුවේ. මෙම නිසාම දරුවාගේ ක්‍රියාශිලී බව, දැනුම අවම වේ.  විවිධාකාර වු ලෙඩ රෝගවලට පවා ගොදුරු වීම දක්නට ලැබේ. එම නිසා මෙම නවින තාක්ෂණය දරුවාගේ සතුරෙකු බවට පත්ව හමාරය.
              
අද සිටින දරුවන් සෙල්ලම් කරන්නේ නැත. ඔවුන් කරන්නේ දවස පුරාම පරිගණයක් ඉදිරිපිට වාඩි වි ගේම් ගැසිමය. ළමුන්ගෙන් 80%ක්  මෙසේය. මෙයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ දෙමාපියන් නොවේද? මෙවන් තත්ත්වය හමුවේ මාපියන්ට තම දරුවන්ට කෙරේ වු වගකීම් දෙස දෙවරක් සිතීමට කාලය එළැඹ ඇති බව කිව යුතුය. මේ අයුරින් තම දරුවන් කුඩා කාලයේ පාසලටත් ටියුෂන් පන්තියටත් ගතවන අතර ඉදිරි කාලය පරිගනකයට, රූපවාහිනියට, දුරකථනයට පමණක් සීමා කිරීම්ට ඉඩ හැරිය යුතු ද? මෙය ලෝකයේ අනෙක් රටවල්ට පැරණි මාතෘකාවක්  වුවද ශ්‍රි ලංකාවට තවමත් මෙය අලුත්ය. මන්දයත් අප රටේ දෙමාපියන් තාමත් මාධ්‍ය පිළිබඳව හරි හැටි වු  අවබොධයෙන් ලබා ගැනීමට  සමත් වි නොමැත. සැබැවින්ම මාධ්‍ය හැසිරෙන්නේ ප්‍රාග්ධනය  මුල්කර ගනිමින්ය. මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට අද මාධ්‍ය ආයතන යොමු වි ඇත. එම නිසා දෙමාපියන් මාධ්‍ය යනු ව්‍යාපාරයක් බවත් ඒවා යම් යම් න්‍යාය පත්‍ර වලට අනුව වැඩකරන බවත්  මුදල් වෙනුවෙන් මේ සියල්ල කරන බවත් තේරුම් ගත යුතුය.

එම නිසා දෙමව්පියන් මෙම මාධ්‍ය රැල්ලට  හසු නොවී දරුවන්ට අවශ්‍ය මොනවාද යන්න තීරණය කරමින් අවශ්‍ය වැඩසටහන් මොනවාද අනවශ්‍ය වැඩසටහන් මොනවාද යන්න තම දරුවන්ට පෙන්වා දීමට හැකියාවක් තිබිය. රුපවාහිණියට දුරස්ථ පාලකයක් ලබා දී ඇත්තේ ඇයි දැයි අදටත් දෙමාපියන් හඳුනන්නේ නැත. සැබැවින්ම එ චැනල් මාරු කිරීම පමණක් නොව අනවශ්‍ය චැනල් වසා දමන්න යැයි කරන ඉඟියකි. එම නිසා තම දරුවන්ට නිවැරැදි මාවත පෙන්වා දීම සෑම දෙමාපියකු  සතු වු වගකිමක් බව තරයේ අවබෝධ කරගත් යුතුය.