බටහිර සංගිතය හා ලාංකිය සංගිතය පිළිබද අන්තර් සංස්කෘතික ලක්ෂණයන් සාකච්චා කිරිමේ දි බටහිර සංගිතය වර්ධනය විමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ බටහිර රටවල් වල පවතින්නාවු එ එ ආගමික සංස්කෘතික හැසිරිම් රටාවන් බලපා තිබේ. මේය westen music ඔස්සේ ලොව පුරා විසිරි යාම සිදුව ඇත. එ අණුව සංස්කෘතින් තූල පවත්නා විවිධත්වයන් නොතකමින් එ එ සංස්කෘතින් සදහා වෙනත් සංස්කෘතික සමාජයක් හැඩ ගැසිම අන්තර් සංස්කෘතිය වශයෙන් හදුනාගත හැකිය.මේ අණුව බටහිර සංගිතයේ ඇති විවිධ වු සංගිත ආකෘතින් තූළින් ලාංකිය සංගිතය වර්ධනය විමට බටහිර සංගිතයේ ආභාසය බලපා ඇති ආකාරය සොයා බැලිය යුතූය.එ අනුව බටහිර සංගිතය ලාංකිය සංගිතයට මුසුවි ඇත්තේ කෙසේද, එහි පවතින්නාවු නව මුහුණුවරයන් මේනවාද යන්න හදුණා ගැණිමේදි එය ලාංකිය සංගිත ක්ෂේත්‍රයේ ප්‍රබල සංගිතඥයන් කිහිපයන් ඇසුරු කර ගනිමින් ඔවුන් බටහිර සංගිත ආකෘතින්ගේ ආභාශයන් ලාංකිය සංගිතයට ගෙන ඇති ආකාරයත් එ මගින් ඔවුන් බිහිකර ඇති නව නිර්මාණයන් මේනවාද යන්නත් හදුණාගත යුතූය.විශේෂයෙන්ම ලාංකිය සංගිත කලාවේ දැවැන්තයන් වු ප්‍රේමසිරි කේමදාස පංඩිත් අමරදේවයන් සුනිල් ශාන්තයන් වැනි චරිතයන් කිහිපයක් පාදක කොට ගනිමින් තොරතූරු සාකච්චා කත යුතූය. මේ අතරින් ප්‍රේමසිරි කේමදාස මහතා ලාංකිය සංගිත කලාවේ නොමැකෙන චරිතයක් වුයේ ඔහු විසින් බටහිර සංගිත ආකෘතින් බහුලවම භාවිතා කල සංගිතඥයකුට එහා ගිය බටහිර සංගිතයේ ආකෘතිය පමණක් භාවිතා කරමින් ඔහුගේ නව නිර්මාණ සදහා පද හා තනු නිර්මානයට හෙළ සංස්කෘතියත් ගැමි සංගිතයත් මුසු කිරිම නිසාය එම නිසාම ඔහුව ලාංකිය රසිකයා ආදරයෙන් වැළදගනු ලැබිය.මේතූමන් කිසිම දවසක කෙටි කාලීන මොස්තර වලට වැටෙන නිර්මාණ කලේ නැත.පුලුල් ප්‍රවේශයකින් යුතූව සංස්කෘතියේ ප්‍රගමණය උදෙසා නිර්මාණ බිහි කලේ නැත.මෙම නිසාම ඔහුගේ නිර්මාණයන් අද දක්වාම රසික හදවත් තූල පිළිරැව් දෙමින් තිබෙන්නේ ඒවා උසස් වු නිර්මාණයන් වු නිසාය. මේ අතරින් ප්‍රේමසිරි කේමදාස මහතා ලාංකිය සංගිත කලාවේ නොමැකෙන චරිතයක් වුයේ ඔහු විසින් බටහිර සංගිත ආකෘතින් බහුලවම භාවිතා කල සංගිතඥයකුට එහා ගිය බටහිර සංගිතයේ ආකෘතිය පමණක් භාවිතා කරමින් ඔහුගේ නව නිර්මාණ සදහා පද හා තනු නිර්මානයට හෙළ සංස්කෘතියත් ගැමි සංගිතයත් මුසු කිරිම නිසාය එම නිසාම ඔහුව ලාංකිය රසිකයා ආදරයෙන් වැළදගනු ලැබිය.මේතූමන් කිසිම දවසක කෙටි කාලීන මොස්තර වලට වැටෙන නිර්මාණ කලේ නැත.පුලුල් ප්‍රවේශයකින් යුතූව සංස්කෘතියේ ප්‍රගමණය උදෙසා නිර්මාණ බිහි කලේ නැත.මෙම නිසාම ඔහුගේ නිර්මාණයන් අද දක්වාම රසික හදවත් තූල පිළිරැව් දෙමින් තිබෙන්නේ ඒවා උසස් වු නිර්මාණයන් වු නිසාය. එ අනුව කේමදාාස මහතා විසින් බටහිර සංගිතයේ ප්‍රබල ආකෘතියක් වු ඕපෙරාව ලාංකිය සංගිතයට හදුන්වා දෙනු ලැබිය.ඔපෙරාවක් යනු stage drama ඒකක් ලෙස සියලු නළු නිළියන් ගීතමය කතා බහක් ඔස්සේ නාට්‍ය ස්වරුපයෙන් දිගහැරිම සිදුවේ.මෙය තනිකරම බටහිර සංගිතයේ ආභාශය ගනිමින් නිර්මාණය කිරිම සිදුව ඇත.කේමදාාස විසින් ඔපෙරා 4ක් නිර්මාණය කරමින් ලාංකිය නාද රටාවට අපුර්වත්වයක් එක් කලේය.
➤අග්නි ඔපෙරාව
➤දොරමඩ
➤මනස විල
➤බැරසිල් අදි වු ඔපෙරා සදහා ඔහු විසින් බෞද්ධ සංස්කෘතිය, ජාතක කතා, ජන කවි ආදිය මුලාශ්‍ර කරගනු ලැබිය. එසේම කේමදාාස මහතා විසින් ඔපෙරා හඩ ප්‍රභේද කිහිපයක් භාවිතා කලේය ලිරික්, ඩ්‍රැමටික්,ටෙනර්,බේස් ආදි වු හඩ ප්‍රභේදයන් සිංහල ගි තනු සදහා භාවිතා කලේය. ඔහුගෙ චිත්‍රපට ගි සදහා මෙය බහුලව යොදාගනු ලැබිය. උදාහරණ ලෙස ගොලු හදවත,හංස විලක්,අහස් ගව්ව බඹරු ඇවිත් ආදි චිත්‍රපට වල ගිත සදහා මෙම සංගිත ආකෘතිය යොදාගනු ලැබිය.


➤එසේම තවත් බටහිර සංගිත ආකෘතියක් වු symphony නමින් හදුන්වයි. මෙය සම්පුර්ණයෙන්ම ලංකාවට කේමදාාස මහතා හදුන්වා දුන්නේ බටහිර සංගිතයෙන් ලද ආභාෂය නිසාය. සිම්පනියක් යනුවේන් අදහස්ක රනුයේ සංගිත භාන්ඩ රාශියක් ඇතූලත් වාද්‍ය කණ්ඩායමක් විසින් නිර්මාණය කරන වාද්‍ය වෘන්දයකටය.එ අණුව මෙය සමුහ වාදනයක් වේ.සේමදාාස මහතා විසින් එම සංගිත ආකෘතිය උපයෝගි කරමින් ලාංකිය සංස්කෘතියට ගැලාපන අයුරින් තම නිර්මානයන් සිදු කලේය.
1967 සිංහල අවුරුද්ද
1969 මුහුද
1972 නියඟය හා වැස්ස
1978 මගේ කාලයේ මව්නි
ආදි වු විශිෂ්ඨ නිර්මාණයන් සිදු කලේය.මේ සදහා ඔහු විසින් අපේ සංස්කෘතික උපාංගයන් එකතූ කලේය. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර මුලික කොට ගෙන සිංහල අවුරුද්ද නමින් සිම්පනියක් ද අම්මා තේමා කොට ගනිමින් මගේ කාලයේ මවුනි නමින් සිම්පනියක්ද රචනා කලේය.මේ අනුව බටහිර සංගිත ආකෘතියේ ආභාශය මේ සදහාද සෘජුව බගපා ඇත.
symphony

බටහිර සංගිත ආකෘතියක් වු ඔරිටෝරියෝ සංගිතයද කේමදාාස මහතා විසින් අපුර්වට යොදාගනු ලැබිය.එනම් ඔරිටෝරියක් යනු ඒකල ගායක ගායිකාවන් හා අත්වැල් කණ්ඩායම් එක්වු වාද්‍ය වෘන්දයක් සහිත කණ්ඩායම් සංගිතයටය.මෙම ආකෘතිය බටහිර සංගිතයේ ආභාශය තූළින් කේමදාාස ශූරින් නිර්මානය කරනු ලැබිය.මේහිදි විශේෂයෙන්ම බටහිර සංගිත තනු වන කවුන්ටර්,පොයින්ට් හා නැනක් යන උපක්‍රම බහුලව භාවිතා කලේය. ඔහු විසින් මෙම ඔරිටෝරියෝ සදහා සිංහල ජන සාහිත්‍ය අලලා හා බුද්ධ පරිනිර්වාණය අලලා සැකසු සෙත් කවි 28 යොදා ගනිමින් අපුර්ව ලෙස හෙළ සංගිතයට සරිලන පරිදි ඔහු වන නිර්මාණයන් බිහි කරනු ලැබිය.
➤ තවත් බටහිර සංගිත ආකෘතියක් වන ඔකේස්ටි්‍රල් සංගිතය යොදාගනිමින් කේමදාස මහතා නව නිර්මානයන් සිදු කලේය. ඔකේස්ටි්‍රල් සංගිතය යනු ගායනයට වඩා වාදනයට ප්‍රධාන ස්ථානයක් ලබා දෙමින් වාදනය ඉස්මතූ කරලිමය.මේය බටහිර සංගිතයේ බහුලව භාවිතා කරනු ලබන සංගිත ආකෘතියක් වේ.එම ආකෘතිය උපයෝගි කරගනිමින් කේමදාාස මහතාගේ චිත්‍රපට සංගිතය ගොඩනැගිම සිදු කලේය.
සත් සමුදුර
සිරි මැදුර
හංස විලක්
යස ඉසුරු
ආදි වු චිත්‍රපට සදහා මෙම ආකෘතියට අනුව සංගිත තනු නිර්මාණය සිදු කලේය.අම්මාවරුනේ උදුම්බරා දුලීකා ආදි ගිත ඉතා ජනප්‍රිය විය.මේ සදහාද ඔහු ලාංකිය පාරිසරික තත්ත්වනක් තේමා කරගනු ලැබිය.
➤ ඒසේම කේමදාාස මහතා විසින් බටහිර ඔචර් සංගීත ආකෘතිය යොදා ගත්තේය.මෙම ආකෘතියද ඔහුගේ චිත්‍රපට සංගීතය සදහා භාවිතා කලේය.මේහිදි විශේෂයෙන්ම එම චිත්‍රපට වල රඟන නළු නිළියන්ගේ චරිත හා සිද්ධි පිළිබඳව මෙම ආකෘතිය මගින් ප්‍රේක්ෂකයාට යම් විවරණයක් ලබා දිම සිදු වේ.මෙම ආකෘතියද බටහිර සංගීතයේ බහුලව භාවිතා වන අතර කේමදාාස මහතා එහි ආභාශය ගෙන අපුර්වට තම නිර්මාණයන් සිදු කලේය.එබැවින් සංගීත සංස්කෘතින් දෙකෙහි සමානතා දැතගත හැකිය.
➤ලාංකීය සංගීතයේ තවත් ප්‍රබල චරිතයක් වු පණ්ඩිත් අමරදේවයන් ශූරින් හදුණාගත හැකිය.ඔහුද බටහිර සංගීතයේ ආභාශය භාවිතයට ගනු ලැබිය. විශේෂවෙන්ම ඔහු විසින් බටහිර සංගීතඥයකූ වන බිතෝවන් වර්ණනා ශෛලිය භාවිතා කලේය.ඔහු චන්දාලෝකය නැමැති පියානෝ සොනොටාව මගින් පාරිසරික වර්ණනාවක් ඉදිරිපත් කලේය. එහි ආභාශය ගනිමින් අමරදේවයන් විසින් ශාන්ත මේ රැ යාමේ ගීතයේ පද නිර්මාණය කර ඇති අතර ගී තනු පවා සමානව නිර්මාණය කර ඇත එබැවින් බටහිර හා ලාංකිය සංගීතයේ සමානතාවයන් දැකගත හැකිය .
➤ සුනිල් ශාන්තයන් විසින්ද බටහිර සංගීතයේ ව්‍යවහාරික සංගීත ආකෘතිය උපයෝගී කරගනිමින් තම නිර්මාණයන් ඉදිරිපත් කලේය.ඔහු විසින් බටහිර සංගීතයේ හාමණි හා කොඞ්ස් මේ තත්ත්වය තූල සංගීත සංස්කෘතින්ගේ සමාන තාවයන් හදුණාගත හැකිය.
➤ තවඳ භාතිය ශංතූෂ්,කසුන් කල්හාර වැනි යෞවන පරපුරේ ගායක ගායිකාවන්ද මෙම හාමණි ක්‍රමය බහුලව භාවිතයට ගෙන ගීත ගායනා කරනු ලබයි.
මෙම අකාරයට ලාංකිය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රබල සංගීත විශාරදයන් හා ගායක ගායිකාවන් බටහිර සංගිත ආකෘතින්ගේ ආභාශය පාදක කොටගෙන ලාංකීය සංගීතයට ගැලපෙන අයුරින් තම තම නිර්මානයන් කිරිමට යොමුව ඇත.එ අනුව බටහිර සංගීතයේ සමාන තාවයන් ලාංකීය සංගීතයට බලපා ඇති අයුරු හදුණාගත හැකිය. බටහිර සංගීත ආකෘතිය තූළින් ලාංකිය සංගීතය හැඩ ගැසිම කෙරෙහි බලපානු ලබන පොදු කරුනු විමසා බැලිමේදි විශේෂයෙන්ම බටහිර සංගීත ආකෘතිය අද වන විට අප සංගීතයදට ප්‍රබල ලෙස බලපා ඇත.අද නව විට අප බොහෝ බටහිර සංගීත ආකෘතින් භාවිතා කිරිම සිදු කරනු ලබයි.එය සුක්ෂමව අධ්‍යනය කිරිමේදි හදුණාගත හැකිය.
➤ විශේෂයෙන්ම බටහිර සංගීත ආකෘතින් තූල බොහෝ අවස්ථාවල සංගීත භාණ්ඩ නොමැතිව යම් කණ්ඩායමක් ගායනයේ යෙදෙයි.මෙය ලංකාවේද බොහෝ අවස්ථාවල පල්ලිය දෙවස්ථානය කෙන්දුුුකර කනිමින් අපද අතීතයේ සිටම මේ දක්වාම සිදු කරනු ලබයි.
➤ ලංකාවේ පවතින බැන්ඞ් සංකල්පයද බිහිවිමට බලපා ඇත්තේ බටහිර සංගීත ආකෘතියයි.මෙහිදි බටහිර සංගීතයේ ආභාශය ගෙන ඇත්තේ ජක්ිසජ්ක ඉ්බා සංකල්පයටය.මෙහිදි පැරණි ගීත සදහා සංගීත භාණ්ඩ කිහිපයක් යොදාටගන වාදනය කරනු ලබයි.
⧫මා නොවන මම
⧫ඩෙල්ස්ට් ස්ටුඩියෝ
➤ එසේම ලංකාවේ දක්නට ඇති වාද බයිලා කලාවටද ආභාශය ලැබි ඇත්තේ බටහිර රටවල් ආශ්‍රිත සංගීත රටාවන් මගින්ය.ලංකාවේදි බහුලවම මේ සදහා යොදා ගනු සංගිත භාණ්ඩය වන්නේ ඩොලැක්කිය නම් වු සංගිත භාණ්ඩයයි.දෙදෙනකූ හෝ කිහිප දෙනෙකූ විසින් ගායනයේ යෙදෙයි.මේ අනුව බටහිරින් පැම්ණි එය අප රටට ගැලපෙන ලෙස සකස් කොට ඇත.
➤21 වන සියවස තූල බටහිර ජනප්‍රිය සංගීතය වන ඍැච චදච යසචදච සංගීත ආකෘතින් මුළුලොව පුරා විසිරියාම සිදුවේ.එ අණුව ලංකාවටද ප්‍රබල වශයෙන් රුච සංගීතය මුසුවිම සිදුවේ.එ අණුව ලංකාව තූලද ගීත වලින් මැද කොටස සදහා පමණක් රැප් ගායනයක් එකතූ කරනු ලැබිය.මේය මුල් කාලයේ යම් තරමක් ජනප්‍රිය වුවත් කෙටි කාලයක් තූල ශ්‍රාවකයා මෙය ප්‍රතික්ෂේප කරනු ලැබිය.මෙය වර්ථාමනයේ නම් යම් මට්ටමකින් දැකගත හැකිය.
➤ එසේම බටහිර සංගීත ආකෘන් වලට එනම් ඔපෙරා සිම්පණි ඔරිටෝරියෝ කැන්ටාටා ආදිය සදහා බටහිර සංගීත භාණ්ඩ වන සර්පිනාව ඕගනය සිතාරය ඩ්‍රම්ස් ආදි සංරැීත භාණ්ඩ භාවිතා කළත් මෙය ලංකාව තුළ නිර්මාණය වන විට මේ සදහා යක් බෙරය,ගැටබෙරය, ඩොලැක්කිය, හක්ගෙඩිය, ආදි වු හෙල සංගීත භාණ්ඩ මුසු වී ඇති ආකාරය හදුනා ගත හැකිය.
➤මේ ආකාරයට බටහිර සංගීත ආකෘතීන් අන්තර් සංස්කෘතික ලක්ෂණයන් ලාංකීය සංගීතය තුළින් හදුන ගත හැකි ආකාරයත් ලාංකීය සංගීතයට බටහිර සංගීත ආකෘතිය යොදා ගනිමින් දේශීයත්වයට ගැලපෙන අයුරින් නව සංගීත නිර්මාණයන් සිදු කර ඇති ආකාරය මේ අනුව හදුනා ගත හැකිය. විශේෂයෙන්ම හෙළ සංගීතයේ විශිෂ්ටයෙකු වු ප්‍රේමසිරි කේමදාාස ශූරින් විසින් බටහිර සංගීත ආකෘතින් වැඩි වශයෙන් භාවිතා කරමින් එය ලාංකීය සංගීතයට ආකෘතීන් මසු කරමින් අපූර්ව ලෙස ඔහු තම නිර්මාණ කර ඇත. මේ අනුව අන්තර් සංස්කෘතියක පවතින විවිධත්වයන් නොපතමින් එය තම තම ඒ ඒ සංස්කෘතීන් වලට අනුගත කර ගැනිම අද වන විට සුලබව හදුනා ගත හැකිය. අද වන විට ඉන්දීය සංස්කෘතියේ බොහෝ අංගෝපාංගයන් අප සංස්කෘතියේ දක්නට ලැබේ.
ආශ්‍රිත ග්‍රන්ථ
■ එරික් එලෙයප්පාආරච්චි - කේමදාාස
■ සත්‍යජිත් විජේරත්න - (1977) බටහිර සංගිතය
■ අන්තර්ජාලය
|